එහෙත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකළාවූ ජාතීන්ට වඩා නපුරුකම්කරන ලෙස මනස්සේ ඔවුන් මුළාකෙළේය.
එසකියෙල් 13:10 - Sinhala Revised Old Version මක්නිසාද සමාදානය නැති කල්හි සමාදානයයයි කියා ඔව්හු මාගේ සෙනඟ මුළාකෙරෙවුවෝය; සෙනඟ තාප්පයක් ගොඩනගන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති. Sinhala New Revised Version “මක්නිසා ද සාමය නැති කල්හි ‘සාමය’යි ඔව්හු මාගේ සෙනඟ මුළා කරවූවෝ ය; සෙනඟ තාප්පයක් ගොඩනඟන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති. Sinhala New Revised Version 2018 “මක්නිසා ද සාමය නැති කල්හි ‘සාමය’යි ඔව්හු මාගේ සෙනඟ මුළා කරවූවෝ ය; සෙනඟ තාප්පයක් ගොඩනඟන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති. |
එහෙත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකළාවූ ජාතීන්ට වඩා නපුරුකම්කරන ලෙස මනස්සේ ඔවුන් මුළාකෙළේය.
මීකායා කැඳවාගෙන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එක ලෙසම රජු ගැන යහපත්ව තිබේ. ඒ නිසා නුඹේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය.
ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:
එකල මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස–නුඹලා කඩුව දකින්නේවත් නුඹලාට සාගතය පැමිණෙන්නේවත් නැතුව, ස්ථිර සමාදානය මේ ස්ථානයෙහි නුඹලාට දෙන්නෙමියි අනාගතවක්තෘවරු ඔවුන්ට කියතියි කීමි.
නුඹලාට සමාදානය වන්නේය කියා ස්වාමීන්වහන්සේ කියා තිබේයයි මා සුළුකරන්නන්ට ඔව්හු කිය කියා සිටිති; විපතක් නුඹලා පිටට නොපැමිණෙන්නේයයි තමුන්ගේ සිත්වල මුරණ්ඩුකමේ හැසිරෙන සියල්ලන්ටද ඔව්හු කියති.
මෙන්න, බොරු ස්වප්න අනාගතවාක්‍ය කොට කියන්නාවූ, ඒවා කියාදී තමුන්ගේ බොරුවලින්ද හිස් පාරට්ටුවෙන්ද මාගේ සෙනඟ මුළාකරවන්නාවූ තැනැත්තන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් මම ඔවුන් නොයැවීමි, ඔවුන්ට අණ නොකෙළෙමි; ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
සමාදානය ගැන අනාගතවාක්‍ය කියන අනාගතවක්තෘ කෙනෙක් ඇද්ද, ඒ අනාගතවක්තෘගේ වචනය ඉෂ්ටවුණාම ඔහු සැබවින් ස්වාමීන්වහන්සේ විසින් එවූ අනාගතවක්තෘකෙනෙකු බව පෙනීයන්නේයයි අනාගතවක්තෘවූ යෙරෙමියා කීවේය.
එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස-නුඹලා මට සමාදානය වන්නේය කියා සැබවින්ම ඔබ මේ සෙනඟත් යෙරුසලමත් බොහෝසෙයින් රැවටූසේක; එහෙත් කඩුව ප්‍රාණය දක්වාම වදින්නේයයි කීවෙමි.
අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?
මාගේ සෙනඟ වනාහි නැතිවූ බැටළුවෝ සිටියෝය. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළාකරවා, කඳුවල ඉවත යන්ට සැලැස්සුවෝය. ඔව්හු කන්දෙන් හෙලට ගොස්, තමුන්ගේ ලැගුම්පල මතක නැතිකළෝය.
සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ සෙනඟගේ තුවාලයද ඔව්හු මඳක් සුවකර තිබේ.
සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය ඔව්හු මඳක් සුවකර තිබේ.
සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නැත; සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමුව, නුමුත් අහෝ! භීතිය ඇත්තේය,
ඔව්හු නම් යෙරුසලම ගැන අනාගතවාක්‍ය කියමින්, සමාදානය නැති කල්හි ඈ උදෙසා සමාදාන දර්ශන දකින ඉශ්‍රායෙල් අනාගතවක්තෘවරුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය.
දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්‍රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) නුඹේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.
සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.
එබැවින් උඩඟු තැනැත්තෝ වාසනාවන්තයෝයයි අපි දැන් කියමුව; එසේය, දුෂ්ටකම්කරන්නෝ දියුණුවෙති; ඔව්හු දෙවියන්වහන්සේ පරීක්ෂාකළ නුමුත් ගළවනු ලබතියි කියන්නහුය.
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.
නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය, එනම්, තමාම අනාගතවක්ත්‍රියෙකැයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශබෙල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද දේවතා රූපවලට පූජාකළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුළාකරන්නීය.