ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 11:13 - Sinhala Revised Old Version

මා විසින් එසේ අනාගතවාක්‍ය කියද්දී බෙනායාගේ පුත්‍රවූ පෙලතියා මළේය. එවිට මම මුහුණින් වැටී: අනේ, දෙවියන්වහන්ස! ඉතිරිව සිටින ඉශ්‍රායෙල්වරුන් ඔබ තීන්දුවටම නැතිකරනසේක්දැයි මහත් හඬින් මොරගසා කීවෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මා විසින් එසේ දිවැස් වැකි කියද්දී බෙනායාගේ පුත් පෙලතියා මැරී වැටුණේ ය. එවිට මම මුණින් වැටී, “අනේ! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් ඔබ නැත්තට ම නැතිකරන සේක් දැ”යි මහා හඬින් මොරගසා ඇසීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා විසින් එසේ දිවැස් වැකි කියද්දී බෙනායාගේ පුත් පෙලතියා මැරී වැටුණේ ය. එවිට මම මුණින් වැටී, “අනේ! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් ඔබ නැත්තට ම නැතිකරන සේක් දැ”යි මහා හඬින් මොරගසා ඇසීමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 11:13
22 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධව මොරගසා කී වචන යෙරොබොවම් රජු ඇසූ විට ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගුකර: ඔහු අල්ලාගනිව්යයි කීවේය. ඔහුට විරුද්ධව ඔහු දිගුකළ තමාගේ අත දෙවනු නමාගන්ට බැරිලෙස වියළුණේය.


එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.


ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි; ඔබගේ විනිශ්චයන්ට භයවෙමි.


එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි.


තවද ආත්මය මා උස්සාගන ගොස් නැගෙනහිර දෙසට තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙවුවේය. බලව, මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් දොරකඩ සිටියෝය; ඔවුන් අතරේ සෙනඟගේ අධිපතියන් වන අස්සුර්ගේ පුත්‍රවූ යාසනියාද බෙනායාගේ පුත්‍රවූ පෙලතියාද සිටිනවා දුටිමි.


තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


එසේවී නුමුත් ඔවුන් විනාශකර කාන්තාරයේදී ඔවුන් තීන්දුවටම නැතිකර නොදමන ලෙස මාගේ ඇස ඔවුන්ට දයාවුණේය.


එවිට මට අණකළ ලෙස මම අනාගතවාක්‍ය කීමි. මා අනාගතවාක්‍ය කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය, එක එක ඇටය ස්වකීය ඇටවලට ළංවිය.


මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් දේශය ගැන මෙසේ කියනසේක–තීන්දුවක්, එනම් දේශයේ සතර කොනට තීන්දුවක් පැමිණ තිබේ.


ඔවුන් පහරදෙද්දී මම ඉතිරිවී මුහුණින් වැටී: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔබගේ කෝපය යෙරුසලම පිට වගුරුවන අතර ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉතිරිව සිටින සියල්ලන්ම ඔබ නාස්තිකරනසේක්දැයි කියා මොරගැසීමි.


එබැවින් ප්‍රොපේතවරුන් ලවා මම ඔවුන් කැප්පෙවුවෙමි; මාගේ මුඛයේ වචනවලින් ඔවුන් මරාදැමුවෙමි. ඔබවහන්සේගේ විනිශ්චයෝද පැතිරෙන එළිය මෙන්ය.


තවද උන් දේශයේ පලාජාති කා තීන්දුකළ විට මම කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, කමාවුව මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි.


එකල මම: ස්වාමිවූ දෙවියන්වහන්ස, නැවතුණ මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි.


ඉදින්, මෙන්න, ස්වාමීන්වහන්සේගේ හස්තය නුඹ පිට තිබේ, නුඹ අන්ධවී කලකට ඉර නොදක්නෙහියයි කීවේය. එකෙණෙහිම දුමාරයක්ද අඳුරක්ද ඔහු පිටට පැමුණුණේය; ඔහුද තමාගේ අත අල්ලාගෙන යන්ට මිනිසුන් සොයමින් ඇවිද්දේය.


එකෙණෙහිම ඈ ඔහුගේ පාමුල වැටී මළාය. තරුණයෝ ඇතුල්වී ඈ මැරී සිටිනවා දැක, ඈ පිටතට ගෙනගොස් ඇගේ පුරුෂයා ළඟ වැළලුවෝය.


අනනියස් ඒ වචන අසා වැටී මළේය. ඒ ඇසූ සියල්ලන්ට මහත් භයක් පැමුණුණේය.


මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.