Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:17 - Sinhala Revised Old Version

17 එසේවී නුමුත් ඔවුන් විනාශකර කාන්තාරයේදී ඔවුන් තීන්දුවටම නැතිකර නොදමන ලෙස මාගේ ඇස ඔවුන්ට දයාවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “ ‘එසේ වූ නමුත්, ඔවුන් විනාශ කර කාන්තාරයේ දී ඔවුන් තීන්දුවට ම නැති කර නොදමන ලෙස මම දයාවෙන් ඔවුන් දෙස බැලුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “ ‘එසේ වූ නමුත්, ඔවුන් විනාශ කර කාන්තාරයේ දී ඔවුන් තීන්දුවට ම නැති කර නොදමන ලෙස මම දයාවෙන් ඔවුන් දෙස බැලුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:17
11 හුවමාරු යොමු  

මා විසින් එසේ අනාගතවාක්‍ය කියද්දී බෙනායාගේ පුත්‍රවූ පෙලතියා මළේය. එවිට මම මුහුණින් වැටී: අනේ, දෙවියන්වහන්ස! ඉතිරිව සිටින ඉශ්‍රායෙල්වරුන් ඔබ තීන්දුවටම නැතිකරනසේක්දැයි මහත් හඬින් මොරගසා කීවෙමි.


එසේ වී නුමුත් ඒ දවස්වලදීත් තීන්දුවටම නුඹලා නැති නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මුළු දේශය පාළුවක් වන්නේය; නුමුත් තීන්දුවටම මම ඒක විනාශ නොකරන්නෙමි.


එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක.


එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.


මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් දේශය ගැන මෙසේ කියනසේක–තීන්දුවක්, එනම් දේශයේ සතර කොනට තීන්දුවක් පැමිණ තිබේ.


ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් කාන්තාරයෙහි අත් නොහැරියසේක. මාර්ගයේ ඔවුන් ගෙනගිය වලා ටැඹ දවාලේවත්, ඔවුන් යා යුතු මාර්ගයේදී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේවත් ඔවුන් කෙරෙන් පහ නොවීය.


ස්වාමීන්වහන්සේ අද ගුහාවේදී ඔබ මා අතට පාවාදුන් බව ඔබගේ ඇස් වලටම මේ දවසේදී පෙනුණේය. සමහරු ඔබ මරන්ටය කියා මට කීවෝය. නුමුත් මම ඔබට කරුණාකෙළෙමි; මක්නිසාද–මාගේ ස්වාමියා ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධව මාගේ අත දිගුනොකරමියි කීමි.


නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්