ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 10:20 - Sinhala Revised Old Version

ඒ වනාහි කෙබාර් ගංගාව ළඟදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට පහළින් සිටිනවා මා දුටු සත්වයාය; ඔවුන් කෙරුබ්වරුන් බව දැනගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මොවුහු වනාහි කෙබාර් ගංගාව ළඟ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යටින් සිටිනු මා දුටු සත්ත්වයෝ ය. ඔවුන් කෙරුබ්වරුන් බව මම දැනගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මොවුහු වනාහි කෙබාර් ගංගාව ළඟ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යටින් සිටිනු මා දුටු සත්ත්වයෝ ය. ඔවුන් කෙරුබ්වරුන් බව මම දැනගතිමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 10:20
8 හුවමාරු යොමු  

ඔහු ඒකේ අත්වල ලෑලිවලද ඒකේ පනේලවලද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූපද සිංහ රූපද තල් ගස්ද කැටයම්කළේය; වටේට මාලාද තිබුණේය.


තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.


තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය.


ඒ වනාහි කෙබාර් ගඟ ළඟදී මා දුටු සත්වයාය.


එකල මම නැගිට සමභූමියට ගියෙමි. එවිට කෙබාර් ගඟ ළඟදී මා දුටු තේජස මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි. මම මුහුණින් වැටුණෙමි.


මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.