ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය.
එසකියෙල් 1:5 - Sinhala Revised Old Version තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය. Sinhala New Revised Version සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ. Sinhala New Revised Version 2018 සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ. |
ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය.
ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණාහ; ඔවුන් නගින කල ඒවාත් ඔවුන් සමඟ නැංගෝය. මක්නිසාද සත්වයාගේ ආත්මය ඒවා තුළ විය.
ඒ වනාහි කෙබාර් ගංගාව ළඟදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට පහළින් සිටිනවා මා දුටු සත්වයාය; ඔවුන් කෙරුබ්වරුන් බව දැනගතිමි.
ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහි: ධාන්‍ය නැළියක් මස්සය; යව නැළි තුනක් මස්සය; තෙල්වලටත් මුද්‍රිකපානයටත් අනතුර නොකරන්නැයි කියන හඬක් මෙන් ඇසීමි.