Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 10:17 - Sinhala Revised Old Version

17 ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණාහ; ඔවුන් නගින කල ඒවාත් ඔවුන් සමඟ නැංගෝය. මක්නිසාද සත්වයාගේ ආත්මය ඒවා තුළ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණේ ය. ඔවුන් නඟින කල ඒවාත් ඔවුන් සමඟ නැංඟේ ය. මන්ද, සත්ත්වයෝ ඒවා පාලනය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණේ ය. ඔවුන් නඟින කල ඒවාත් ඔවුන් සමඟ නැංඟේ ය. මන්ද, සත්ත්වයෝ ඒවා පාලනය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 10:17
8 හුවමාරු යොමු  

මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.


ඒ දවස් තුනහමාරට පසු ජීවන හුස්ම දෙවියන්වහන්සේගෙන් ඔවුන් තුළට පැමිණ, ඔව්හු නැගිට සිටියෝය; ඔවුන් දුටුවන් කෙරෙහි මහත් භය පැමුණුණේය.


ඔවුන් එක එකා කෙළින් ඉස්සරහට ගියේය. ආත්මය යම් තැනකට යන්ට කැමැතිවීද ඔව්හු එහි ගියෝය; ඔව්හු යන විට නොහැරුණෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.


තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය.


එකිනෙකට වැදුණු සත්වයන්ගේ පියාපත්වල ළඟ තිබුණු රෝදවල ශබ්දයද මහත් ඝෝෂා ශබ්දයක්ද මට ඇසුණේය.


තවද කෙරුබ්වරුන් යන විට රෝදත් ඔවුන් කැටුව ගියෝය. පොළොව මතුපිටින් නගින්ට කෙරුබ්වරුන් තමුන්ගේ පියාපත් එසවූ විට රෝදත් ඔවුන් වෙතින් අහක් නූණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්