දාවිත් සෙනඟ ගණන්කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබුවේය. දාවිත් ස්වාමීන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝසෙයින් පව්කෙළෙමි. දැන් ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය.
එපීස 5:15 - Sinhala Revised Old Version ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, Sinhala New Revised Version එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න. සිංහල කාලීන පරිවර්තනය එබැවින්, ඔබ ජීවත් වන අයුර ගැන වඩාත් සැලකිලිමත් වන්න. අනුවණ ලෙස නො ව, නුවණ ඇත්තන් සේ කටයුතු කරමින්, Sinhala New Revised Version 2018 එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න. |
දාවිත් සෙනඟ ගණන්කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබුවේය. දාවිත් ස්වාමීන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝසෙයින් පව්කෙළෙමි. දැන් ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය.
එහෙත් ඔහු ඈට කථාකොට: නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.
මා විසින් නුඹලාට කී සියලු කාරණා ගැන සිතටගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න, ඒක නුඹලාගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා.
වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.
මෙසේ කෝලාහලයක් හටගන්නවා මිස තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බව පිලාත් දැක, වතුර ගෙන සමූහයා ඉදිරියේ අත් සෝදමින්: මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන මම නිදොස්වෙමි. නුඹලාම බලාගන්නැයි කීවේය.
නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? නුඹම බලාගන්නැයි කීවෝය.
යේසුස්වහන්සේ කථාකොට: කාටවත් නොකියන්ට බලාගන්න; නුමුත් ඔවුන්ට සාක්ෂි පිණිස ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ පඬුර ඔප්පුකරන්නැයි ඔහුට කීසේක.
එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අඥානයෙනි, අනාගතවක්තෘවරුන් විසින් කියනලද සියල්ල විශ්වාසකරන්ට ප්‍රමාද සිත් ඇත්තෙනි,
සහෝදරයෙනි, නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න; නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න.
අහෝ අඥාන ගලාතිවරුනි, කුරුසියෙහි ඇණගසනලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධලෙස දක්වනු ලැබූ නුමුත් නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද?
ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.
එසේවී නුමුත් නුඹලා එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේමකරන්න; භාර්යාවද පුරුෂයාට භයපක්ෂව සිටින්ට බලාගනීවා.
මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.
එබැවින් අපිත් ඒ ඇසූ දා පටන් නුඹලා උදෙසා නොකඩවම යාච්ඤාකරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී,
කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.
නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.
කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?
නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා.
සහෝදරයන්ට අවංකකමින් ප්‍රේමකරන පිණිස සත්‍යතාවට කීකරුවීමෙන් නුඹලාගේ ආත්ම පිරිසිදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දුලෙස ප්‍රේමකරන්න.
මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.