Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 8:4 - Sinhala Revised Old Version

4 යේසුස්වහන්සේ කථාකොට: කාටවත් නොකියන්ට බලාගන්න; නුමුත් ඔවුන්ට සාක්ෂි පිණිස ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ පඬුර ඔප්පුකරන්නැයි ඔහුට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ජේසුස් වහන්සේ කතා කොට, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස වග බලා ගන්න; එහෙත් යන්න, පූජකයාට පෙනී, මෝසෙස් අණ කළ පඬුර සහතිකයක් පිණිස ඔප්පු කරන්නැ”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 ඉන්පසු ඔහු ඇමතූ යේසුස්වහන්සේ, “කිසිවකුට කිසිවක් නො කියන්නට වගබලා ගන්න. එනමුත් ගොස්, පූජකයා ඉදිරියේ පෙනී සිට, මෝසෙස් විසින් නියම කරන ලද පඬුරු ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ජේසුස් වහන්සේ කතා කොට, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස වග බලා ගන්න; එහෙත් යන්න, පූජකයාට පෙනී, මෝසෙස් අණ කළ පඬුර සහතිකයක් පිණිස ඔප්පු කරන්නැ”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 8:4
31 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක.


කාටවත් එය නොකියන්ට උන්වහන්සේ ඔහුට අණකොට: නුඹ ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ දේවල් ඔවුන්ට සාක්ෂි පිණිස නුඹේ පවිත්‍රවීම සඳහා ඔප්පුකරන්නැයි කීසේක.


ඒ බව කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අණ දුන්සේක. නුමුත් උන්වහන්සේ යම් පමණ අණකළසේක්ද ඔව්හු එපමණටත් වඩා බොහෝසෙයින් එය ප්‍රසිද්ධ කළෝය.


ඔවුන්ගේ ඇස් පැහැදුණේය. කිසිවෙකු ඒ බව දැන නොගන්නා හැටියට බලාගන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අණ කළසේක.


යම් තැනකදී ඔවුන් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, එතැනින් පිටත්ව යන කල ඔවුන්ට සාක්ෂියක් පිණිස නුඹලාගේ පාද යට තිබෙන ධූලි ගසාදමන්නැයි කීසේක.


උන්වහන්සේ මෙය කිසිවෙකු දැන නොගන්නා ලෙස ඔවුන්ට තදින් අණකොට, ඈට කෑම දෙන්ට කීසේක.


ඔවුන් කන්දෙන් බසින කල යේසුස්වහන්සේ ඔවුන්ට අණකරමින්: මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු මේ දර්ශනය කාටවත් නොකියන්නැයි කීසේක.


ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.


මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත.


ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි.


ස්වාමීන්වහන්සේ තමන්ගේ ධර්මිෂ්ඨකම නිසා ව්‍යවස්ථාව උතුම් කොට ඊට ගෞරවකරන්ට සතුටුවූසේක.


නුමුත් මම මාගේම ගෞරවය නොසොයමි. එය සොයන්නාවූ විනිශ්චයකරන්නාවූ කෙනෙක් සිටිනසේක.


තමාම උපදවන දේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නුමුත් තමා එවූ තැනන්වහන්සේගේ ගෞරවය සොයන්නා සැබෑවූ කෙනෙක්ය, ඔහු තුළ අධර්මිෂ්ඨකමක් නැත.


මම මනුෂ්‍යයන්ගෙන් ගෞරවය නොලබමි.


ඒක නුඹලාට සාක්ෂියක් පිණිස වන්නේය.


උන්වහන්සේද තමන් ගැන කාටවත් නොකියන්ට ඔවුන්ට අණකළසේක.


එවිට තමන් ක්‍රිස්තුස්වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ගෝලයන්ට අණකළසේක.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය.


එහෙත් නුඹලා ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔව්හු මන්ත්‍රණ සභාවලට නුඹලා පාවාදෙන්නෝය; සිනගෝගවලදී නුඹලා තළනු ලබන්නහුය; අධිපතින්ද රජුන්ද ඉදිරියේ නුඹලා මා නිසා ඔවුන්ට සාක්ෂියක් පිණිස සිටිනවා ඇත.


ඒ කුෂ්ඨය වස්ත්‍රයේ හෝ හම්වල හෝ දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමින් සෑදූ යම් දෙයකවත් කොළපාට ඇතුව නොහොත් රතුව පෙනුණොත්, ඒක කුෂ්ඨයක් බැවින් පූජකයාට පෙන්විය යුතුය.


තමන් ප්‍රසිද්ධ නොකරන ලෙස උන්වහන්සේ බොහෝසේ ඔවුන්ට අණකළසේක.


ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු ඔවුන් දුටුදේ කාටවත් නොකියන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණකළසේක.


යක්ෂයෝද: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා මහත් ශබ්ද පවත්වමින්, බොහෝ දෙනෙකුගෙන් දුරුවුණෝය. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔවුන් දැනගන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සැරකරමින් කථාකරන්ට ඉඩ නුදුන්සේක.


ඇගේ මවුපියෝ විස්මිත වූවෝය. නුමුත් සිදුවූ දේ කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අණකළසේක.


උන්වහන්සේද මෙය කාටවත් නොකියන ලෙස ඔවුන්ට තදින් අණකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්