උත්පත්ති 8:4 - Sinhala Revised Old Version නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය. Sinhala New Revised Version සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි. Sinhala New Revised Version 2018 සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි. |
තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රයෝ වන අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා, අරාරාත් දේශයට පලාගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ වුණේය.
තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රවූ අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට සැඟවී ගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජවිය.
දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.