තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.
උත්පත්ති 49:28 - Sinhala Revised Old Version මොවුන් සියල්ලෝ ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසය. ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාදකරමින් ඔවුන්ට කීවේ මෙලෙසය; ඒ ඒ අයගේ ආශීර්වාදය ලෙස ඔහු ඔවුන්ට ආශීර්වාදකෙළේය. Sinhala New Revised Version ඉශ්රායෙල්හි ගෝත්‍ර දොළොස මොවුහු සියල්ලෝ ය, ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාද කරමින් ඔවුන් අමතා කීවේ එලෙස ය. එකිනෙකාට නිසි ආසිරි දෙමින් ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්හි ගෝත්‍ර දොළොස මොවුහු සියල්ලෝ ය, ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාද කරමින් ඔවුන් අමතා කීවේ එලෙස ය. එකිනෙකාට නිසි ආසිරි දෙමින් ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය. |
තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.
ඔහු ඔවුන්ට අණකරමින්: මම මාගේ සෙනඟට එකතුවන්නෙමි. හිත්තීයවූ එප්‍රොන්ගේ කෙතෙහි තිබෙන ගුහාවේ එනම් කානාන් දේශයෙහි මම්රේ ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි තිබෙන,
නුඹේ නාමය ඉශ්‍රායෙල් වන්නේය යන ස්වාමීන්වහන්සේගේ වචනය ලැබූ යාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන,
එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවටත් යුදෙව්වාවූ මොර්දෙකයිටත් කථාකොට: හාමාන්ගේ ගෙය එස්තර්ට දුනිමි, ඔහු යුදෙව්වරුන් පිට අත හෙළූ නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලාදැමුවෝය.
එකල සීවාන් මාසය වන තුන්වෙනි මාසයේ විසිතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන් ගෙන්වනු ලැබ, මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස යුදෙව්වරුන්ටද රටවල් එකසිය විසිහතක්වූ ඉන්දියාවේ සිට කූෂ් දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ටද ආණ්ඩුකාරයන්ටද පළාත්වල අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන්ද ලියා යවනලද්දේය.
ඒ මැණික් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් ගණන ලෙස දොළසක්ව, ගෝත්‍ර දොළසේ හැටියට එකිනෙකාගේ නාමය මුද්‍රාවක කැටයම් ලෙස එහි කැටයම්කර තිබිය යුතුය.
බලව, ඒ සෙනඟ සිංහධේනුවක් මෙන් නැගිටියි, සිංහයෙකු මෙන් තමාම උසස්වෙයි. ඔහු ගොදුරු කන තෙක්ද මැරුම්කන්නන්ගේ ලේ බොන තෙක්ද නොලගින්නේයයි කීවේය.
අපගේ දොළොස් ගෝත්‍රයෝ රෑ දාවල් උනන්දුකමින් දෙවියන්වහන්සේට සේවයකරමින්, ඒ පොරොන්දුවට පැමිණෙන්ට බලාපොරොත්තුව සිටිති. රජ්ජුරුවනි, යුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව ගැනයි.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.
දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්:
තවද මුද්‍රාකරනු ලැබූවන්ගේ ගණන ඇසීමි, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රවලින් මුද්‍රාකරනු ලැබූ අය එක්ලක්ෂ සතළිස් සාරදහසක්ය.