මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.
උත්පත්ති 47:25 - Sinhala Revised Old Version ඔබ අපේ ජීවිත රක්ෂාකෙළෙහිය. අපේ ස්වාමීහුගේ ඇස් හමුවෙහි අපට කරුණාව ලැබේවා, අපි ඵාරාවෝගේ දාසයෝ වන්නෙමුයයි ඔව්හු කීවෝය. Sinhala New Revised Version ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ අපේ ජීවිත ආරක්ෂා කෙළෙහි ය. අප ස්වාමියා වන ඔබ හමුවෙහි අපට ප්‍රසාදය ලැබේ වා! අපි ද පාරාවෝගේ වහල්ලු වන්නෙමු”යි කී හ. Sinhala New Revised Version 2018 ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ අපේ ජීවිත ආරක්ෂා කෙළෙහි ය. අප ස්වාමියා වන ඔබ හමුවෙහි අපට ප්‍රසාදය ලැබේ වා! අපි ද පාරාවෝගේ වහල්ලු වන්නෙමු”යි කී හ. |
මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.
පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය.
ඒසව්ද: එසේවීනම් මා සමඟ සිටින මිනිසුන්ගෙන් සමහරෙකු නුඹ සමඟ නවත්වා යන්නෙමියි කීවේය. ඔහුද: ඒ කුමටද? මාගේ ස්වාමියාගෙන් මට කරුණාව ලැබේවයි කීවේය.
තවද ඵාරාවෝ යෝසෙප්ට ශාඵෙනත්-පනේයා යන නාමය තබා ඕන්හි පූජකවූ පෝති-ඵෙරාගේ දියණියවූ ආසෙනත් ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය. යෝසෙප් පිටත්ව මිසර දේශය මුළුල්ලෙහි ගියේය.
අස්වැන්න රැස්කරන කල පහෙන් කොටසක් ඵාරාවෝට දිය යුතුය, කෙතේ බීජ පිණිසත් නුඹලාගේද නුඹලාගේ ගෙයි වැසියන්ගේද ආහාර පිණිසත් නුඹලාගේ දරුවන්ගේ ආහාර පිණිසත් සතර කොටසක් නුඹලාට වන්නේයයි කීවේය.
පහෙන් කොටසක් ඵාරාවෝට විය යුතුය යන මිසරයේ බිම් ගැන අද දක්වා පවතින නියෝගයක් යෝසෙප් විසින් නියමකරනලද්දේය; පූජකයන්ගේ ගම්බිම් පමණක් ඵාරාවෝට අයිතිනොවීය.
නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක.
තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් නුඹ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑනු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියන්න.
එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහකොරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහකොරිය සමග කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය.