Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 41:45 - Sinhala Revised Old Version

45 තවද ඵාරාවෝ යෝසෙප්ට ශාඵෙනත්-පනේයා යන නාමය තබා ඕන්හි පූජකවූ පෝති-ඵෙරාගේ දියණියවූ ආසෙනත් ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය. යෝසෙප් පිටත්ව මිසර දේශය මුළුල්ලෙහි ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 41:45
11 හුවමාරු යොමු  

යෝසෙප්ට මිසර දේශයේදී මනස්සේ සහ එප්‍රායිම් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා බිහිකළාය.


ආවෙන්හිද පී-බෙසෙත්හිද යෞවනයෝ කඩුවෙන් වැටෙන්නෝය; එහි වැසියෝ වහල්කමට යන්නෝය.


ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය.


ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැගිට, මුළු ලෝකයෙහි මහත් සාගතයක් වන්නේයයි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන්වූයේය. ඒ වනාහි ක්ලෞදියස්ගේ දවස්වලදී සිදුවිය.


තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය.


යායිර්හි ඊරාත් දාවිත්ගේ මන්ත්‍රීවරයෙක්ය.


යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.


සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය.


සාගත අවුරුද්ද පැමිණෙන්ට ප්‍රථම යෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා වැදුවාය.


ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුනු බිඳදමන්නේය; මිසරයේ දෙවිවරුන්ගේ ගෘහද ගින්නෙන් දවන්නේයයි ඔවුන්ට කියන්නැයි කීය.


නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්