ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.
උත්පත්ති 43:27 - Sinhala Revised Old Version ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. Sinhala New Revised Version ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, “නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය. Sinhala New Revised Version 2018 ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, “නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය. |
ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.
යෝසෙප් ඵාරාවෝට උත්තරදෙමින්: මා නොව දෙවියන්වහන්සේ ඵාරාවෝට සමාදාන උත්තරයක් දෙනසේකැයි කීවේය.
අපි සියල්ලෝම එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; අපි අවංක මනුෂ්‍යයෝය, ඔබගේ මෙහෙකරුවෝ ඔත්තුකාරයෝ නොවෙතියි කීවෝය.
ඔව්හු: ඔබගේ මෙහෙකරුවූ අපි සහෝදරයන් දොළොස් දෙනෙක්ය, කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමඟ සිටියි, එක්කෙනෙක් නැත්තේයයි කීවෝය.
ඔව්හුද: නුඹලාගේ පියා තවම ජීවත්ව සිටින්නේද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නේදැයි කියමින් ඒ මනුෂ්‍යයා අප ගැනත් අපේ නෑයන් ගැනත් විශේෂලෙස අපෙන් විචාළේය; ඒ වචන ප්‍රකාරයට අපි ඔහුට දැන්නුවෙමු. නුඹලාගේ සහෝදරයා මෙහි ගෙනෙන්නැයි ඔහු කියන බව අපට යම් හැටියකින් දැනගන්ට පුළුවන්වීදැයි කීවෝය.
යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය.
දැන්ම ඇගේ පෙරමගට දිවගොස්: නුඹ සුවසේද? නුඹේ පුරුෂයා සුවසේද? ළමයා සුවසේද කියා ඇගෙන් අසන්නැයි කීවේය. සුවසේයයි ඈ උත්තරදුන්නාය.
දාවිත් එසේ හදර්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් බැවින්, දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ හදෝරාම් සහ සියලු ආකාර රන් රිදී පිත්තල බඩුත් එවුවේය; මක්නිසාද හදර්එසෙර් සහ තොයු අතරේ යුද්ධ තිබුණේය.
මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය.
දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.
දාවිත් යෞවනයන් දස දෙනෙකු යවමින්: නුඹලා කර්මෙල්ට ගොස්, නාබල් ළඟට පැමිණ, මාගේ නාමයෙන් ඔහුගේ සැප සනීප අසා,