Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 43:7 - Sinhala Revised Old Version

7 ඔව්හුද: නුඹලාගේ පියා තවම ජීවත්ව සිටින්නේද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නේදැයි කියමින් ඒ මනුෂ්‍යයා අප ගැනත් අපේ නෑයන් ගැනත් විශේෂලෙස අපෙන් විචාළේය; ඒ වචන ප්‍රකාරයට අපි ඔහුට දැන්නුවෙමු. නුඹලාගේ සහෝදරයා මෙහි ගෙනෙන්නැයි ඔහු කියන බව අපට යම් හැටියකින් දැනගන්ට පුළුවන්වීදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔව්හු ද පිළිතුරු දෙමින්, “ ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔව්හු ද පිළිතුරු දෙමින්, “ ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 43:7
6 හුවමාරු යොමු  

අපි සියල්ලෝම එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; අපි අවංක මනුෂ්‍යයෝය, ඔබගේ මෙහෙකරුවෝ ඔත්තුකාරයෝ නොවෙතියි කීවෝය.


ඔව්හු: ඔබගේ මෙහෙකරුවූ අපි සහෝදරයන් දොළොස් දෙනෙක්ය, කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමඟ සිටියි, එක්කෙනෙක් නැත්තේයයි කීවෝය.


ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය.


යූදා ඔහුට කථාකොට: නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඒ මනුෂ්‍යතෙමේ අපට සත්තකකොට කීවේය.


ඉශ්‍රායෙල්ද: නුඹලාට තව සහෝදරයෙක් ඉන්න බව ඒ මනුෂ්‍යයාට කීමෙන් මට එපමණ දුකක් පැමිණෙවුවේ මක්නිසාදැයි කීවේය.


නුඹලාට පියෙක්වත් සහෝදරයෙක්වත් ඇත්තේදැයි මාගේ ස්වාමියා ඔබගේ මෙහෙකරුවන්ගෙන් ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්