Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 45:3 - Sinhala Revised Old Version

3 යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, “මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, “මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 45:3
14 හුවමාරු යොමු  

දෙවෙනි වාරයේදී යෝසෙප් තමාගේ සහෝදරයන්ට අඳුන්වාදෙනලද්දේය; යෝසෙප්ගේ ගෝත්‍රය ඵාරාවෝ දැනගත්තේය.


උන්වහන්සේද: මම වනාහි නුඹ පීඩාකරන යේසුස්ය.


දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.


බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.


සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය.


මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ දැක කැලඹුණෝය. නුමුත් උන්වහන්සේ එකෙණෙහිම ඔවුන් සමඟ කථාකොට: ධෛර්යවත්ව සිටින්න. මමය; භය නොවෙන්නැයි කියා,


එබැවින් මම උන්වහන්සේ ඉදිරියෙහි කැලඹෙමි; කල්පනාකරන කල උන්වහන්සේ ගැන භයවෙමි.


එහෙත් දැන් ඒක නුඹට පැමිණි බැවින් නුඹ ක්ලාන්තවන්නෙහිය; එය නුඹට වදින නිසා නුඹ කැලඹෙන්නෙහිය.


දැන් එන්න, ඔහු මරා වළක දමා චණ්ඩ මෘගයෙක් ඔහු කෑවේයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නවලට කුමක් වන්නේදැයි බලමුයයි කීවෝය.


ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය.


රූබෙන් ඔවුන්ට උත්තරදෙමින්: ළමයාට විරුද්ධව පව් නොකරල්ලාය කියා මම නුඹලාට නොකීයෙම්ද? එහෙත් නුඹලා ඇහුවේ නැත. බලව, ඒ නිසාත්, ඔහුගේ ලේ ගැන පළිගනු ලැබේයයි කීවේය.


ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්