ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 41:54 - Sinhala Revised Old Version

යෝසෙප් කී ලෙස සාගත අවුරුදු සත පැමිණෙන්ට පටන්ගත්තේය. සියලු දේශවල සාගතය විය; නුමුත් මිසර දේශය මුළුල්ලෙහි ආහාර තිබුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 41:54
13 හුවමාරු යොමු  

උන්ට පසුව නැගී ආවාවූ කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය; පෙරදිග සුළඟින් වියළීගියාවූ හීන්වූ කරල් සතත් එසේමය. ඒවා සාගත අවුරුදු සත වන්නේය.


ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය;


මිසර දේශයෙහි පැවතුණු සාරවූ අවුරුදු සත කෙළවරවිය.


මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය.


දේශයෙහි සාගතය බලවත්ව පැවතුණේය.


ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් පවතින්නේයයි කියන්න.


දේශයෙහි කොතැනකවත් ආහාර නොතිබුණේය; මක්නිසාද සාගතය ඉතා බලවත් වූයේය, මිසර දේශයද කානාන් දේශයද සාගතය නිසා පිරිහී ගියාහ.


තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: නුඹේ ගෙයි වැසියන් සමඟ නුඹ පිටත්ව ගොස් නුඹට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය.


උන්වහන්සේ දේශයට දුර්භික්ෂයක් පමුණුවා, මුළු ආහාර වෘත්තිය සිඳදැමූසේක.


එකල මුළු මිසර දේශයෙහිද කානාන්හිද සාගතයක් හා මහත් විපත්තියක් විය. අපේ පියවරුන්ට කිසි ආහාරයක් නොලැබුණේය.