1 දේශයෙහි සාගතය බලවත්ව පැවතුණේය.
1 සාගතය රටේ තදබල විය.
දේශයෙහි සාගතයක් විය. දේශයෙහි සාගතය මහත් බැවින් ආබ්‍රම් මිසරයෙහි පොරොත්තුව සිටීම පිණිස එහි ගියේය.
එවිට ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: මහලුවූ මම සැබවින් දරුවෙකු වදන්නෙම්දැයි කියමින් සාරා සිනාසුණේ මක්නිසාද?
ආබ්‍රහම්ගේ දවස්වලදී වූ පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයෙහි විය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් වෙතට ගෙරාර්ට ගියේය.
සාගතය කානාන් දේශයෙහි වූ බැවින් මිලේට ගන්ට ආ තැනැත්තන් අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝද ආවෝය.
ඔවුන් මිසරයෙන් ගෙනාවාවූ ධාන්‍ය කාලා ඉවර වූ කල ඔවුන්ගේ පියා ඔවුන්ට කථාකොට: නැවත ගොස් අපට ආහාර ටිකක් මිලේට ගනිල්ලායයි කීවේය.
තවද ඔව්හු: කානාන් දේශයෙහි සාගතය බලවත් බැවින්, ඔබගේ මෙහෙකරුවන්ගේ සිව්පා රැළවලට ගොදුරු නැති නිසා, මේ දේශයෙහි පොරොත්තුවීමට ආවෙමුව; එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවන්ට ගෝෂෙන් දේශයෙහි වසන්ට අවසර ලැබේවයි ඵාරාවෝට කීවෝය.
සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත්ව තිබේ.
එවිට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකර: මාගේ පියාණෝ නැතිවෙන්ට ගිය අරාමියයෙක්ය, ඔහු ස්වල්පදෙනෙකුන් සමඟ මිසරයට ගොස් එහි වාසය කොට මහත්වූ බලවත්වූ ගණනින් බොහෝවූ ජාතියක් විය.