Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 41:55 - Sinhala Revised Old Version

55 මුළු මිසර දේශයෙහි සාගතය වූ කල සෙනඟ ආහාර ගැන ඵාරාවෝට මොරගැසුවෝය. ඵාරාවෝ සියලු මිසරවරුන්ට කථාකොට: යෝසෙප් වෙතට ගොස් ඔහු නුඹලාට කියන දේ කරන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

55 මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 41:55
13 හුවමාරු යොමු  

ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය.


තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.


මක්නිසාද උන්වහන්සේ තුළ මුළු පූර්ණකම පැවතීමටත්, උන්වහන්සේගේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා,


මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.


උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.


සාගතය මුළු පොළෝතලයෙහි විය. යෝසෙප් සියලු ගබඩා ඇර මිසරවරුන්ට වික්කේය; තවද සාගතය මිසර දේශයෙහි බලවත් විය.


යෝසෙප් දේශයෙහි ආණ්ඩුකාරයාව සිටියේය; දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයෝ අවුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්