Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 41:54 - Sinhala New Revised Version 2018

54 ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

54 ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

54 යෝසෙප් කී ලෙස සාගත අවුරුදු සත පැමිණෙන්ට පටන්ගත්තේය. සියලු දේශවල සාගතය විය; නුමුත් මිසර දේශය මුළුල්ලෙහි ආහාර තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 41:54
13 හුවමාරු යොමු  

තවද, උන්ට පසුව නැඟී ආ කැහැටු, බලන්න තරම් අවලස්සන එළදෙනුන් හත්දෙන ද පෙරදිග සුළඟින් වියළීගිය බොල් කරල් හත ද සාගතයක් පවතින අවුරුදු හතකි.


ඉන්පසු සාගතයේ අවුරුදු හතක් පැමිණේ. එවිට මිසර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස්, සාගතය රට කා දමන්නේ ය.


තවද, මිසර දේශයෙහි පැවති සමෘද්ධිමත් අවුරුදු හත කෙළවර විය.


බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය.


තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය.


එකල මුළු රටෙහි ම ආහාර නොතිබිණි. සාගතය කෙතරම් දරුණු වී ද යත්, මිසර දේශය හා මුළු කානාන් දේශය දුර්භික්ෂය නිසා සාගින්නෙන් පෙළුණි.


තවද, එලිෂා විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවුට ඔහු කතා කොට, “ඔබේ ගෙවැසියන් සමඟ ඔබ පිටත් ව ගොස් ඔබට නැවතී සිටින්න පුළුවන් තැනක සිටින්න. මන්ද, සමිඳාණන් වහන්සේ සාගතයක් නියම කර තිබේ. එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනු ඇතැ”යි කී ය.


සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක; කෑම අහේනියක් ඇති කරවූ සේක.


එකල මුළු මිසර දේශයෙහි ද කානාන්හි ද සාගතයක් ඇති වූයෙන් මහත් විපත්තියක් ඇති විය. අපගේ පියවරුන්ට කිසි ආහාරයක් නොමැති විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්