ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.
උත්පත්ති 39:4 - Sinhala Revised Old Version යෝසෙප් ඔහුගෙන් කරුණාව ලැබ ඔහුට මෙහෙකෙළේය. ඔහු තමාගේ ගෙට ඔහු ප්‍රධානියා කොට තමා සන්තක සියල්ල ඔහු අතට භාරදුන්නේය. Sinhala New Revised Version එහෙයින් ජෝසෙප් ඔහුගේ ප්‍රසාදයට පාත්‍ර විය. ජෝසෙප් ඔහුට සේවය කෙළේ ය. තවද පොතිපර්, ඔහු තම ගෘහයේ කළමනාකරු කොට පත් කර, තමා සතු සියල්ල ඔහුගේ පාලනයට බාර දුනි. Sinhala New Revised Version 2018 එහෙයින් ජෝසෙප් ඔහුගේ ප්‍රසාදයට පාත්‍ර විය. ජෝසෙප් ඔහුට සේවය කෙළේ ය. තවද පොතිපර්, ඔහු තම ගෘහයේ කළමනාකරු කොට පත් කර, තමා සතු සියල්ල ඔහුගේ පාලනයට බාර දුනි. |
ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.
මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.
මෙන්න බැලුව මැනවි, ඔබගේ මෙහෙකරුවාට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ; මාගේ ප්‍රාණය රක්ෂාකිරීමෙන් ඔබ මට මහත් ලෙස කරුණාකළසේක; මට කන්දට පලායන්ට නුපුළුවන, සමහරවිට මට නපුර පැමිණීමෙන් මරණය සිදුවිය හැකිය.
මට ගවයෝද කොටළුවෝද රැළවල්ද දාස දාසීහුද සිටිති. ඔබගෙන් කරුණාව ලැබෙන පිණිස මාගේ ස්වාමියාට දන්වන්ට එවීමියි කියන්නැයි කීවේය.
එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය.
මට සම්බවුණු නුඹේ ඔය පිරිස කුමක් පිණිසදැයි ඒසව් ඇසුවේය. මාගේ ස්වාමිහුගෙන් කරුණාව ලැබෙන පිණිසයයි ඔහු කීවේය.
එහෙත් ඔහු අකැමතිව තම ස්වාමියාගේ භාර්යාවට කථාකොට: මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනියි, ඔහු තමා සන්තක සියල්ලම මා අතට භාරදී තිබේ;
ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,
තරුණීද ඔහුට ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඈට දීමට සුදුසුවූ, රජ ගෙදරින් තෝරනලද තරුණියන් සත්දෙනෙක්ද ඈටදී, ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවුවේය.
රජුගේ ප්‍රසන්නකම නුවණින් හැසිරෙන සේවකයා කෙරෙහිය; එහෙත් ලජ්ජාව උපදවන්නාට ඔහුගේ උදහස පැමිණේ.
මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.
නුවණින් හැසිරෙන මෙහෙකරුවෙක් ලජ්ජාව උපදවන පුත්‍රයෙකු කෙරෙහි ආණ්ඩුකරයි, සහෝදරයන් අතරේද ඔහු උරුමය බෙදාගනියි.
තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.
එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.
දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.
ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ මෙහෙකරුවා උත්තර දෙමින්: මෑ නායොමි සමග මෝවබ් රටෙන් හැරී ආවාවූ මෝවබිය යෞවනීය.
සාමුවෙල් නම් ළමයා වැඩෙමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිත් මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ප්‍රසන්නව සිටියේය.