Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 39:8 - Sinhala Revised Old Version

8 එහෙත් ඔහු අකැමතිව තම ස්වාමියාගේ භාර්යාවට කථාකොට: මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනියි, ඔහු තමා සන්තක සියල්ලම මා අතට භාරදී තිබේ;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, තම ස්වාමියාගේ බිරිඳ අමතා, “බලන්න, මා ගෙදර ඉන්න නිසා, කිසි ම දෙයක් ගැන මාගේ ස්වාමියාට බරක් නැත. ඇරත් ඔහු සතු සියල්ල ම මා අතට පවරා දී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, තම ස්වාමියාගේ බිරිඳ අමතා, “බලන්න, මා ගෙදර ඉන්න නිසා, කිසි ම දෙයක් ගැන මාගේ ස්වාමියාට බරක් නැත. ඇරත් ඔහු සතු සියල්ල ම මා අතට පවරා දී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 39:8
15 හුවමාරු යොමු  

අන් ස්ත්‍රීන්ගේ මුඛය ගැඹුරු වළක්ය; එහි වැටෙන්නේ ස්වාමීන්වහන්සේ කෝපකරවන තැනැත්තේය.


ප්‍රඥාවට: නුඹ මාගේ සහෝදරීය කියාත්, නුවණ යෙහෙළිය කියාත් කියන්න.


මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න.


බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.


තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය.


මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය;


යෝසෙප් ඔහුගෙන් කරුණාව ලැබ ඔහුට මෙහෙකෙළේය. ඔහු තමාගේ ගෙට ඔහු ප්‍රධානියා කොට තමා සන්තක සියල්ල ඔහු අතට භාරදුන්නේය.


හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක; ඔහු කළ දේවල්ද ස්වාමීන්වහන්සේ සඵලකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්