Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 2:9 - Sinhala Revised Old Version

9 තරුණීද ඔහුට ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඈට දීමට සුදුසුවූ, රජ ගෙදරින් තෝරනලද තරුණියන් සත්දෙනෙක්ද ඈටදී, ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඒ තරුණිය ද හෙගයිට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවා ය. ඔහු විගස සුවඳ විලවුන් ද ඇගේ ආහාර කොටස ද රජ මාලිගාවෙත් විශේෂයෙන් තෝරාගත් තරුණයන් සත්දෙනෙකු ද ඈට දී ඈට සහ ඇගේ මෙහෙකාරියන්ට අන්තඃපුරයේ ඉතා ම හොඳ කොටෙසහි ලැගුම් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 2:9
12 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.


එහෙත් ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් හමුවෙහි ඔහුට කරුණාව ගෙනදුන්සේක.


එක එක තරුණිය ස්ත්‍රීන්ගේ නියෝගය ප්‍රකාරයට දොළොස් මාසයක් වන ඔවුන්ගේ පවිත්‍රවීමේ කාලයෙන් පසු, එනම් සුවඳලාටු තෙල් සමසක්ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ පවිත්‍රවීමේ තෛල සමසක්ද පාවිච්චිකළායින් පසු, අහෂ්වේරොෂ් රජු ළඟට යන්ට ඒ ඒ තැනැත්තියගේ වාරය පැමුණුණාම,


එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් ෂූෂන් බලකොටුවේ තිබෙන ස්ත්‍රීන්ගේ ගෙයි රජ්ජුරුවන්ගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට රැස්කරගන එන පිණිස රජ්ජුරුවන් තමාගේ රාජ්‍යයේ සියලු රටවල මුලාදෑනීන් නියමකරන්ටත්, ඒ තැනැත්තියන්ගේ පවිත්‍රවීම පිණිස නිසි දේ ඔවුන්ට දෙන්ටත් යෙදේවා.


දෙවියන්වහන්සේ දානියෙල්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්ට සැලැස්වූසේක.


මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.


නුමුත් දෙවියන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියෙහි කරුණාවත් ප්‍රඥාවත් ඔහුට දුන්සේක; ඒ රජ මිසරයටද තමාගේ මුළු ගෙටද ඔහු ආණ්ඩුකාරයා කොට පත්කෙළේය.


ඔවුන් වහල්කොට ගෙනගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්ට සැලැස්වූසේක.


ඔබට විරුද්ධව පව්කළ ඔබගේ සෙනඟ ඔබට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අපරාධවලට ඔවුන්ට කමාවී, ඔවුන් වාලට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පාකරන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබාදුනමැනව.


ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය.


එවිට රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරෙහි කරුණාකොට, තමාගේ අත තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේය. එස්තර් ළංව ජයකොන්තයේ මුදුනේ අග ස්පර්ශකළාය.


යෝසෙප් ඔහුගෙන් කරුණාව ලැබ ඔහුට මෙහෙකෙළේය. ඔහු තමාගේ ගෙට ඔහු ප්‍රධානියා කොට තමා සන්තක සියල්ල ඔහු අතට භාරදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්