ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 36:17 - Sinhala Revised Old Version

ඒසව්ගේ පුත්‍රවූ රෙවුයෙල්ගේ පුත්‍රයෝ: අධිපතිවූ නහත්, අධිපතිවූ ශෙරා, අධිපතිවූ ෂම්මා සහ අධිපතිවූ මිස්සාය. මොව්හු ඒදොම් දේශයෙහි රෙවුයෙල්ගෙන් පැවත ආ අධිපතියෝය; මොව්හු ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒසව්ගේ පුත්, රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. ඒදොම් දේශයේ රෙවුයෙල්ගෙන් පැවත ආ මේ අධිපතීහු ඒසව්ගේ භාර්යාව වන බාසෙමත්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒසව්ගේ පුත්, රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. ඒදොම් දේශයේ රෙවුයෙල්ගෙන් පැවත ආ මේ අධිපතීහු ඒසව්ගේ භාර්යාව වන බාසෙමත්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 36:17
6 හුවමාරු යොමු  

ඒසව් සතළිස් අවුරුදු වයස්වූ කල හිත්තීය බෙයේරීගේ දූවූ යූදිත් හා හිත්තීය ඒලොන්ගේ දූවූ බසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.


රෙවුයෙල්ගේ පුත්‍රයෝ නහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය. ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝ මොව්හුය.


අධිපතිවූ කොරා, අධිපතිවූ ගයිතාම් සහ අධිපතිවූ අමලෙක්ය. මොව්හු ඒදොම් දේශයෙහි එලිඵස්ගෙන් පැවත ආ අධිපතියෝය; මොව්හු ආදාගේ පුත්‍රයෝය.


ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතිවූ යෙවූෂ්, අධිපතිවූ යලාම් සහ අධිපතිවූ කොරාය. මොව්හු අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝය.


ආදා ඒසව් නිසා එලිඵස් බිහිකළාය; බාසෙමත්ද රෙවුයෙල් බිහිකළාය;


රූවෙල්ගේ පුත්‍රයෝ නම්: නාහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය.