Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 26:34 - Sinhala Revised Old Version

34 ඒසව් සතළිස් අවුරුදු වයස්වූ කල හිත්තීය බෙයේරීගේ දූවූ යූදිත් හා හිත්තීය ඒලොන්ගේ දූවූ බසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 තවද, ඒසව්ට වයස අවුරුදු සතළිසක් වූ කල ඔහු හිත්තීය ජාතික බෙයේරිගේ දුව වන ජුඩිත් ද, හිත්තීය ජාතික එලොන්ගේ දුව වන බෙසමත් ද යන කාන්තාවන් සරණ පාවාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 තවද, ඒසව්ට වයස අවුරුදු සතළිසක් වූ කල ඔහු හිත්තීය ජාතික බෙයේරිගේ දුව වන ජුඩිත් ද, හිත්තීය ජාතික එලොන්ගේ දුව වන බසෙමත් ද යන කාන්තාවන් සරණ පාවාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 26:34
11 හුවමාරු යොමු  

ඒසව් කානාන්හි දූවරුන්ගෙන් හිත්තීය එලොන්ගේ දූවූ ආදාද හිවීය ශිබෙයොන්ගේ දූවූ අනාගේ දූවූ ඔහොලිබාමාද


නුඹ විසින් ඔවුන්ගේ දූවරුන්ගෙන් නුඹේ පුත්‍රයන්ට පාවාගන්ටද ඔවුන්ගේ දූවරුන් තමන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කොට නුඹේ පුත්‍රයන්ද ඔවුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කිරීමටද සලස්වනු ලබනවා ඇත.


රෙවුයෙල්ගේ පුත්‍රයෝ නහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය. ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝ මොව්හුය.


ඔහොලිබාමා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. කානාන් දේශයේදී ඒසව්ට උපන්නාවූ පුත්‍රයෝ මොව්හුය.


ඉෂ්මායෙල් වෙතට ගොස් තමාට සිටිය භාර්යාවන් ඇතුළුව ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ දූවූ, නෙබායොත්ගේ සහෝදරීවූ මහලත් භාර්යාව වන පිණිස පාවාගත්තේය.


මා වාසය කරන දේශයෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් නුඹ මාගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන


වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න.


නුමුත් වේශ්‍යාකම් නිසා එක එක පුරුෂයා තම තමාගේම භාර්යාවද එක එක ස්ත්‍රී තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා.


රෙබෙකා ඊසාක්ට කථාකොට: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ. යාකොබ් මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දූවරුන්ගෙන් මෙබඳු භාර්යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමට දැයි කීවාය.


තවද කානාන්හි දූවරුන්ට තමාගේ පියවූ ඊසාක් අප්‍රිය වූ බව ඒසව් දැක


එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත්‍රවූ, යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයිටත් කථාකොට: සාවුල් ළඟට මා සමඟ කඳවුරට යන්නේ කවුදැයි ඇසුවේය. මම ඔබ සමඟ යමියි අබිෂයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්