උත්පත්ති 29:30 - Sinhala Revised Old Version යාකොබ් රාඛෙල් කරා පැමුණුණේය, ඔහු ලෙයාට වඩා රාඛෙල්ට ආදරේව තව සත් අවුරුද්දක් ලාබන් ළඟ වැඩකෙළේය. Sinhala New Revised Version ජාකොබ්, රාකෙල් සමඟ ද එක් වුණි. ඔහු ලෙයාට වඩා රාකෙල්ට ප්‍රේම කළේ ය. තව අවුරුදු සතක් ද ලාබන්ට සේවය කෙළේ ය. Sinhala New Revised Version 2018 ජාකොබ්, රාකෙල් සමඟ ද එක් වුණි. ඔහු ලෙයාට වඩා රාකෙල්ට ප්‍රේම කළේ ය. තව අවුරුදු සතක් ද ලාබන්ට සේවය කෙළේ ය. |
යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.
යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩකෙළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය.
ලෙයා අප්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ දැක ඈ ගර්භිණීවන්ට සැලැස්වූසේක. නුමුත් රාඛෙල් වඳව සිටියාය.
ඔහු අප ආගන්තුකයන් මෙන් සලකනවා නොවේද? මක්නිසාද ඔහු අප විකුණා අපේ මිලද සහමුලින් නැතිකරදැම්මේය.
මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි; නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. නුඹ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය.
අපට වයෝවෘද්ධයෙක්වූ පියෙක්ද ඔහුගේ මහලු වයසේදී උපන් කුඩා දරුවෙක්ද සිටිති; ඔහුගේ සහෝදරයා මළේය, ඔහුගේ මවුගෙන් ඔහු පමණක් ඉතුරුව සිටියි, ඔහුගේ පියාද ඔහුට ආදරේ ඇත්තේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමු.
ඔබගේ මෙහෙකරුවූ මාගේ පියාණෝ කථාකොට: මාගේ භාර්යාව මා නිසා පුත්‍රයන් දෙදෙනෙකු බිහිකළ බව නුඹලා දන්නහුය.
යාකොබ් අරාම් රටට පලාගියේය, ඉශ්‍රායෙල්ද භාර්යාවක් සඳහා වැඩකර, භාර්යාවක් සඳහා බැටළුවන් බලාගත්තේය.
මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ; මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ.
ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.
මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය.
තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය; මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛරකරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්ෂාකරගන්නේය.
මනුෂ්‍යයෙකුට ප්‍රියවූ තැනැත්තියක්ද අප්‍රියවූ තැනැත්තියක්ද වන භාර්යාවන් දෙදෙනෙක් ඇත්නම්, ප්‍රියවූ තැනැත්තීත් අප්‍රියවූ තැනැත්තීත් දෙන්නාම ඔහු නිසා දරුවන් බිහිකළෝනම්, අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයා කුලුඳුලා වන්නේ නම්,