උත්පත්ති 29:11 - Sinhala Revised Old Version යාකොබ් රාඛෙල් සිඹ ශබ්දනගා හැඬුවේය. Sinhala New Revised Version පසුව ඔහු රාකෙල් සිඹගෙන, මහ හඬින් හැඬී ය. Sinhala New Revised Version 2018 පසුව ඔහු රාකෙල් සිඹගෙන, මහ හඬින් හැඬී ය. |
තවද යාකොබ් තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ දුව වන රාඛෙල්ද තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළුවන්ද දැක ළඟට ගොස් ළින් කටින් ගල අහකට පෙරළා තමාගේ මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළු රැළට වතුර පෙවුවේය.
ලාබන් තමාගේ සහෝදරීගේ පුත්‍රවූ යාකොබ් ගැන ආරංචිය ඇසූ විට ඔහු සම්බවෙන්ට දිවගොස් ඔහු වැලඳගෙන සිඹ, ඔහු තමාගේ ගෙට කැඳවාගෙන ගියේය. ඔහු මේ සියලු කරුණු ලාබන්ට කීයේය.
එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය.
යෝසෙප්ගේ සිත තමාගේ සහෝදරයා කෙරෙහි උණුවුණු බැවින් ඔහු ඉක්මන්වී හඬන්ට ස්ථානයක් සොයා ඇතුල් ගෙට ගොස් එහිදී හැඬීය.
මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය.
මෝසෙස් සම්බවන පිණිස වනාන්තරයට යවයි ස්වාමීන්වහන්සේ ආරොන්ට කීසේක. ඔහු ගොස් දෙවියන්වහන්සේගේ කන්දේදී ඔහු සම්බව සිඹගත්තේය.
ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ නුඹලාට ආචාරකරති.