Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 43:30 - Sinhala Revised Old Version

30 යෝසෙප්ගේ සිත තමාගේ සහෝදරයා කෙරෙහි උණුවුණු බැවින් ඔහු ඉක්මන්වී හඬන්ට ස්ථානයක් සොයා ඇතුල් ගෙට ගොස් එහිදී හැඬීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියනේ, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියෙන්, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 43:30
16 හුවමාරු යොමු  

ඔහු ඔවුන් වෙතින් අහක්ව ගොස් හැඬුවේය; නැවතත් ඔහු ඔවුන් ළඟට ඇවිත් ඔවුන් සමඟ කථාකර ඔවුන් කෙරෙන් සිමියොන් රැගෙන ඔවුන්ගේ ඇස් හමුවෙහි බැන්දේය.


එප්‍රායිම් මාගේ ප්‍රිය පුත්‍රයාද? ඔහු ප්‍රසන්නවූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් මාගේ හෘදය ඔහු ගැන කම්පාවන්නේය; සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්,


එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ඇලුම්කමින් මට නුඹලා සියල්ලන් කෙරෙහි කොපමණ ආශා ඇත්තෙම්ද කියා දෙවියන්වහන්සේ මට සාක්ෂි වනසේක.


එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ශෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.


එවිට ජීවත්ව ඉන්න දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි උණුවූ බැවින් ඈ රජුට කථාකොට: අනේ, මාගේ ස්වාමිනි, ජීවත්ව ඉන්න දරුවා ඈට දුනමැනවි, මරන්ට නම් එපායයි කීවාය. නුමුත් අනික් තැනැත්තී: ඔහු මටවත් නුඹටවත් නොවේවා, කපත්වයි කීවාය.


ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය.


නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?


එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි.


එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,


ඔවුන් සියල්ලෝ, තවත් තමාගේ මුහුණ ඔව්හු නොදකින්නෝයයි පාවුල් කී වචනය ගැන සියල්ලට වඩා කනගාටුවෙමින්, අතිශයෙන් හඬා,


එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටින්න.


මම සිතේ සියලු ආකාර යටත්කමින්ද කඳුළුවලින්ද යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම්වලින්ද යුක්තව, ස්වාමීන්වහන්සේට සේවයකෙළෙමි.


යෝසෙප් තමාගේ රථය සූදානම්කොට තමාගේ පියවූ ඉශ්‍රායෙල් සම්මුඛවෙන පිණිස ගෝෂෙන්ට ගියේය; ඔහු ඉදිරියට පැමිණ, ඔහුගේ බෙල්ල වැලඳගෙන, ඔහුගේ බෙල්ලට හාන්සිවී, බොහෝ වේලා හැඬුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්