Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 27:26 - Sinhala Revised Old Version

26 එවිට ඔහුගේ පියවූ ඊසාක්: ඉතින් මාගේ පුත්‍රය, ළඟට අවුත් මා සිඹගන්නැයි ඔහුට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඉන්පසු ඔහුගේ පියා වන ඊසාක්, ඔහු අමතමින්, “පුතා, දැන් මා ළඟට කිට්ටු වී මා සිඹින්නැ”යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඉන්පසු ඔහුගේ පියා වන ඊසාක්, ඔහු අමතමින්, “පුතා, දැන් මා ළඟට කිට්ටු වී මා සිඹින්නැ”යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 27:26
6 හුවමාරු යොමු  

ඊසාක්ද: ඒවා මා ළඟට ගෙනෙන්න, මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස මාගේ පුත්‍රයාගේ මුව මස් කන්නෙමියි කීවේය. එසේ ඔහු ඒවා ඔහු ළඟට ගෙනගියේය, ඊසාක් කෑයේය. මුද්‍රිකපානයත් ඔහු ළඟට ගෙනගියේය, ඔහු බීවේය.


එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.


යාකොබ් රාඛෙල් සිඹ ශබ්දනගා හැඬුවේය.


යෝවාබ් රජු ළඟට ඇවිත් එපවත් ඔහුට දැන්නුවේය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට ඇවිත් රජු ඉදිරියෙහි මුහුණින් බිමට නැමී වැන්දේය. රජද අබ්සලොම් සිඹගත්තේය.


ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා. මක්නිසාද නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයට වඩා හොඳය.


එකෙණෙහිම ඔහු යේසුස්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ශුභසිද්ධවේවා කියා උන්වහන්සේ සිඹගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්