බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නාය. මිල්කා මේ අට දෙන ආබ්‍රහම්ගේ සහෝදරවූ නාහොර් නිසා බිහිකළාය.
උත්පත්ති 28:5 - Sinhala Revised Old Version මෙසේ ඊසාක් යාකොබ් පිටත්කර හැරියේය. ඔහු යාකොබ්ගේද ඒසව්ගේද මවුවූ රෙබෙකාගේ සහෝදරවන අරාමිය බෙතුයෙල්ගේ පුත්‍රවූ ලාබන් වෙතට පදන්-අරාමට ගියේය. Sinhala New Revised Version මෙලෙස කියා, ඊසාක් ජාකොබ් පිටත් කොට හැරියේ ය. ඔහු මෙසොපොතේමියාවේ අරමීය ජාතික බෙතුයෙල්ගේ පුත් ලාබන් වෙත ගියේය. ලාබන්, ජාකොබ්ගේ හා ඒසව්ගේ මව වන රෙබෙකාගේ සහෝදරයා ය. Sinhala New Revised Version 2018 මෙලෙස කියා, ඊසාක් ජාකොබ් පිටත් කොට හැරියේ ය. ඔහු මෙසොපොතේමියාවේ අරමීය ජාතික බෙතුයෙල්ගේ පුත් ලාබන් වෙත ගියේය. ලාබන්, ජාකොබ්ගේ හා ඒසව්ගේ මව වන රෙබෙකාගේ සහෝදරයා ය. |
බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නාය. මිල්කා මේ අට දෙන ආබ්‍රහම්ගේ සහෝදරවූ නාහොර් නිසා බිහිකළාය.
ඔවුන්, එනම්, ඔහු සහ ඔහු සමඟ සිටි මිනිසුන් කා බී මුළු රාත්‍රියෙහි නැවතී උදය නැගුටුණු විට: මාගේ ස්වාමියා වෙතට මා යන්ට හරින්නැයි ඔහු කීවේය. ඇගේ සහෝදරයාද මවුද:
ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.
එහෙයින් මාගේ පුත්‍රය, නුඹ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න;
නුඹ පිටත්වී පදන්-අරාමෙහි නුඹේ මවුගේ පියවූ බෙතුයෙල්ගේ ගෙදරට ගොස් එතැනින් නුඹේ මවුගේ සහෝදරවූ ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් පාවාගන්න.
තවද යාකොබ් තමා ඇගේ පියාගේ සහෝදරයා බවත් රෙබෙකාගේ පුත්‍රයා බවත් රාඛෙල්ට දැන්නුවේය. ඈ දිවගොස් ඇගේ පියාට දැන්නුවාය.
දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අරාමියවූ ලාබන් වෙතට පැමිණ: නුඹ යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.
යාකොබ් ආබ්‍රහම් සහ ඊසාක් පොරොත්තුව සිටිය මම්රේට එනම් කිරියත්-අර්බාට තමාගේ පියවූ ඊසාක් වෙතට ආයේය. ඒ වනාහි හෙබ්‍රොන්ය.
නුඹේ බොහෝ කර්මාන්ත නිසා සිරිය නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය. ඔව්හු රතුකැටවලින්ද රත්නිල් රෙදිවලින්ද විසිතුරු රෙදිවලින්ද සිහින් රෙදිවලින්ද පබළුවලින්ද ලෝහිතංකවලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.
යාකොබ් අරාම් රටට පලාගියේය, ඉශ්‍රායෙල්ද භාර්යාවක් සඳහා වැඩකර, භාර්යාවක් සඳහා බැටළුවන් බලාගත්තේය.
එවිට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකර: මාගේ පියාණෝ නැතිවෙන්ට ගිය අරාමියයෙක්ය, ඔහු ස්වල්පදෙනෙකුන් සමඟ මිසරයට ගොස් එහි වාසය කොට මහත්වූ බලවත්වූ ගණනින් බොහෝවූ ජාතියක් විය.