Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 28:6 - Sinhala Revised Old Version

6 ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට පදන්-අරාමෙන් ඔහුට භාර්යාවකු පාවාගන්නා පිණිස ඔහු එහි යැවූ බවද, ඔහුට ආශීර්වාදකරද්දී: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පාවානොගන්නැයි අණකළ බවද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඊසාක් ජාකොබ්ට ආශීර්වාද කොට, මෙසොපොතේමියාවෙන් බිරිඳක සරණ පාවාගනු පිණිස එහි යැවූ බව ද, ඔහු ආශීර්වාද කරද්දී, “කානානිය ස්ත්‍රීන්ගෙන් බිරිඳක පාවා නොගත යුතු ය”යි ඔහුට අණ කළ බව ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඊසාක් ජාකොබ්ට ආශීර්වාද කොට, මෙසොපොතේමියාවෙන් බිරිඳක සරණ පාවාගනු පිණිස එහි යැවූ බව ද, ඔහු ආශීර්වාද කරද්දී, “කානානිය ස්ත්‍රීන්ගෙන් බිරිඳක පාවා නොගත යුතු ය”යි ඔහුට අණ කළ බව ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 28:6
4 හුවමාරු යොමු  

ඊසාක් යාකොබ් කැඳවා ඔහුට ආශීර්වාද කොට අණකරමින්: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පවානොගන්න.


එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම්කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම නුඹ එන්ට ප්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි; එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය.


ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.


යාකොබ් තමාගේ පියාටත් මවුටත් කීකරුව පදන්-අරාමට ගිය බවද ඒසව් දුටුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්