Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:54 - Sinhala Revised Old Version

54 ඔවුන්, එනම්, ඔහු සහ ඔහු සමඟ සිටි මිනිසුන් කා බී මුළු රාත්‍රියෙහි නැවතී උදය නැගුටුණු විට: මාගේ ස්වාමියා වෙතට මා යන්ට හරින්නැයි ඔහු කීවේය. ඇගේ සහෝදරයාද මවුද:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

54 ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා පිරිස කා බී මුළු රාත්‍රිය එහි ගත කළහ. උදෑසන ඔවුන් නැඟිටි පසු ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වෙත යෑමට මට අවසර දෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

54 ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා පිරිස කා බී මුළු රාත්‍රිය එහි ගත කළහ. උදෑසන ඔවුන් නැඟිටි පසු ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වෙත යෑමට මට අවසර දෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:54
10 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නැයි ඔහු ඔවුන්ට කීය.


එවිට ඔව්හු තමන්ගේ සහෝදරීවූ රෙබෙකාද ඇගේ කිරි මවුද ආබ්‍රහම්ගේ මෙහෙකරුවාද ඔහුගේ මිනිසුන්ද පිටත් කළෝය.


පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න; මක්නිසාද නුඹ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ.


තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.


එකල ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් කථාකොට: ස්වාමීන්වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්ට මට අවසර ලැබේවයි කීවේය.


මෙසේ ඔහු තමන් සහෝදරයන් හැරියේය, ඔව්හු පිටත්ව ගියෝය. තවද: මගදී ඩබරනොකරන්ට බලාගන්නැයි ඔහු ඔවුන්ට කීවේය.


රාඛෙල් යෝසෙප් බිහිකළ පසු යාකොබ් ලාබන්ට කථාකොට: මාගේම ස්ථානයටද මාගේ රටටද යන පිණිස මා හරින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්