උත්පත්ති 28:1 - Sinhala Revised Old Version ඊසාක් යාකොබ් කැඳවා ඔහුට ආශීර්වාද කොට අණකරමින්: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පවානොගන්න. Sinhala New Revised Version ඊසාක් ද, ජාකොබ් කැඳවා, ඔහුට ආශීර්වාද කොට අණ කරමින්, “නුඹ කානානිය ස්ත්‍රීන්ගෙන් භාර්යාවක සරණ පාවා නොගත යුතු ය. Sinhala New Revised Version 2018 ඊසාක් ද, ජාකොබ් කැඳවා, ඔහුට ආශීර්වාද කොට අණ කරමින්, “නුඹ කානානිය ස්ත්‍රීන්ගෙන් භාර්යාවක සරණ පාවා නොගත යුතු ය. |
තවද මාගේ ස්වාමියා–මා වසන රටෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් නුඹ මාගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන
මාගේම දේශයටද මාගේම නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍රවූ ඊසාක්ට භාර්යාවක් ගන්නා හැටියට ස්වර්ගයේ දෙවියන්වහන්සේද පොළොවේ දෙවියන්වහන්සේද වූ ස්වාමීන්වහන්සේ ගැන මා විසින් නුඹ දිවුරවන පිණිස නුඹේ අත මාගේ කළවය යට තබන්නැයි කීයේය.
මට රුචිවූ රසවත් කෑම සාදන්න; මා එයින් කා, මැරෙන්ට ප්‍රථමයෙන් මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස ඒක මා ළඟට ගෙනෙන්නැයි කීය.
රෙබෙකා ඊසාක්ට කථාකොට: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ. යාකොබ් මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දූවරුන්ගෙන් මෙබඳු භාර්යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමට දැයි කීවාය.
ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට පදන්-අරාමෙන් ඔහුට භාර්යාවකු පාවාගන්නා පිණිස ඔහු එහි යැවූ බවද, ඔහුට ආශීර්වාදකරද්දී: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පාවානොගන්නැයි අණකළ බවද,
එවිට අපගේ දූවරුන් නුඹලාට දෙන්නෙමුව, නුඹලාගේ දූවරුන් අපි ගන්නෙමුව, නුඹලා සමඟ වාසය කරමින් එක සෙනඟක් වන්නෙමුව.
තවද අප හා සමඟ විවාහගනුදෙනු කරමින් නුඹලාගේ දූවරුන් අපට දෙන ලෙසත් අපේ දූවරුන් නුඹලාට ගන්න ලෙසත් ඉල්ලමි.
ඔහු යෝසෙප්ට ආශීර්වාදකරමින්: මාගේ පියවරුන්වූ ආබ්‍රහම් සහ ඊසාක් යම් දෙවි කෙනෙකුන් ඉදිරියෙහි හැසුරුණෝද ඒ දෙවියන්වහන්සේ, මාගේ මුළු ජීවිතයෙහි මේ දවස දක්වා මා පෝෂණය කළාවූ දෙවියන්වහන්සේ,
මොවුන් සියල්ලෝ ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසය. ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාදකරමින් ඔවුන්ට කීවේ මෙලෙසය; ඒ ඒ අයගේ ආශීර්වාදය ලෙස ඔහු ඔවුන්ට ආශීර්වාදකෙළේය.
දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.
භාර්යාවන් පාවාගෙන පුත්‍රයන්ද දූවරුන්ද උපදවන්න; නුඹලාගේ පුත්‍රයන්ටත් භාර්යාවන් ගන්න, නුඹලාගේ දූවරුන් විසින් පුත්‍රයන්ද දූවරුන්ද බිහිකරන පිණිස ඔවුන් පුරුෂයන්ට පාවාදෙන්න; මෙසේ නුඹලා එහි අඩු නොවී වැඩිවෙන්න.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.
මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි උරුමයක් දී තිබුණේය. අනික් අර්ධයට යෝෂුවා ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට යොර්දාන් මෙගොඩ උරුමයක් දුන්නේය. තවද යෝෂුවා ඔවුන්ගේ කූඩාරම්වලට ඔවුන් හරින කල ඔවුන්ට ආශීර්වාදකරමින්: