මා විසින් මාගේ සිත තුළ කථාකර නිමවෙන්ට පළමුවෙන් රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන ඇවිත් උල්පත ළඟට බැස වතුර ඇද්දාය. එවිට: මට බොන්ට දෙන්නැයි ඈට කීමි.
උත්පත්ති 24:17 - Sinhala Revised Old Version මෙහෙකරුවා ඈ ඉදිරියට දිව ගොස්: නුඹේ කළයෙන් වතුර ටිකක් බොන්නට දියන්නැයි කීය. Sinhala New Revised Version ආබ්‍රහම්ගේ මෙහෙකරුවා ද ඈ වෙත දිව ගොස්, “කරුණාකර, ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්න මට ඉඩ හරින්නැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ආබ්‍රහම්ගේ මෙහෙකරුවා ද ඈ වෙත දිව ගොස්, “කරුණාකර, ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්න මට ඉඩ හරින්නැ”යි කීවේ ය. |
මා විසින් මාගේ සිත තුළ කථාකර නිමවෙන්ට පළමුවෙන් රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන ඇවිත් උල්පත ළඟට බැස වතුර ඇද්දාය. එවිට: මට බොන්ට දෙන්නැයි ඈට කීමි.
එහෙයින් ඔහු පිටත්ව ශාරෙපත්ට ගොස් නුවර දොරකඩට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියෙක් එහි දර අවුලනවා දැක, ඈට අඬගසා: කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැයි කීවේය.
බලකොටු වැටෙන මහත් මරාදැමීමේ දවසේ සියලු උස්කඳු පිටත් සියලු උස් හෙල් පිටත් ඔයවල් සහ වතුර දොළවල් වන්නේය.
ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.
එවිට සමාරිය ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වු මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. (මක්නිසාද සමාරියයන් සමඟ යුදව්වන්ගේ ගනුදෙනුවක් නැත.)