Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:18 - Sinhala Revised Old Version

18 ඈද: මාගේ ස්වාමීනි, බිවමැනවියි කියා ඇගේ කළය ඉක්මනින් අත පිටට ගෙන ඔහුට බොන්ට දුන්නාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 “භවතාණෙනි, බොන්නැ”යි කියමින්, ඈ ඉක්මනින් කළය අතට ගෙන, ඔහුට බොන්න දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “භවතාණෙනි, බොන්නැ”යි කියමින්, ඈ ඉක්මනින් කළය අතට ගෙන, ඔහුට බොන්න දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:18
6 හුවමාරු යොමු  

අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.


ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය; ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ.


මට බොන පිණිස නුඹේ කළය පහත්කරන්නැයි මම යම් තරුණියකට කීවාම: බොන්න, නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙමියි කියන්නාවූ ඕතොමෝ ඔබගේ මෙහෙකරුවූ ඊසාක්ට ඔබවහන්සේ නියම කළ තැනැත්තී වේවා; මාගේ ස්වාමියා කෙරෙහි ඔබවහන්සේ කරුණාව පෙන්වූ බව එයින් දැනගන්නෙමියි කීය.


ඈද ඉක්මනින් කළය ඇගේ කරෙන් පහත්කොට: බොන්න, නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙන්නෙමියි කීවාය. එවිට මම බීවෙමි, ඈ ඔටුවන්ටත් පෙවුවාය.


ඈ ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට අඬගසා: කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්