Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:45 - Sinhala Revised Old Version

45 මා විසින් මාගේ සිත තුළ කථාකර නිමවෙන්ට පළමුවෙන් රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන ඇවිත් උල්පත ළඟට බැස වතුර ඇද්දාය. එවිට: මට බොන්ට දෙන්නැයි ඈට කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 “මෙලෙස මා සිතූ විගස ම පුදුමයකි, රෙබෙකා කළය උරහිස මත තබාගෙන පැමිණියා ය; ඈ ළිඳට බැස ගොස් වතුර අදින විට, ‘කරුණාකර, මට වතුර ටිකක් බොන්න ඉඩ හරින්නැ’යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 “මෙලෙස මා සිතූ විගස ම පුදුමයකි, රෙබෙකා කළය උරහිස මත තබාගෙන පැමිණියා ය; ඈ ළිඳට බැස ගොස් වතුර අදින විට, ‘කරුණාකර, මට වතුර ටිකක් බොන්න ඉඩ හරින්නැ’යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:45
14 හුවමාරු යොමු  

එවිට කොර්නේලියස් කියනුයේ, සතර දවසකට පළමුවෙන් මේ පැය දක්වා, නවවෙනි පැයේදී මාගේ ගෙදර යාච්ඤාකරමින් සිටියෙමි; එවිට දිලියෙන වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයෙක් මා ඉදිරියෙහි සිට:


ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.


නුඹේ කන්නලව්වේ පටන්ගැන්මේදී ආඥාවක් ලැබ මම නුඹට දන්වන්ට ආවෙමි; මක්නිසාද නුඹ බොහෝ ප්‍රේමලද්දෙක්ය. ඒ නිසා කාරණය කල්පනාකොට, දර්ශනය තේරුම්ගන්න.


ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.


එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.


ස්වාමීන්වහන්ස, ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, කමාවුව මැනව, ස්වාමීන්වහන්ස, ඇහුම්කන්දුන මැනව; මාගේ දෙවියන්වහන්ස, ප්‍රමාද නොවී, ඔබ නිසාම එය ඉෂ්ටකළ මැනව; මක්නිසාද ඔබගේ නුවරත් ඔබගේ සෙනඟත් ඔබගේ නාමය දරන්නෝයයි කීවෙමි.


එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්,


එවිට රජ: නුඹ ඉල්ලා සිටින්නේ කුමක්දැයි මාගෙන් ඇසීය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට රජුට කථාකරමින්:


මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස,–මම නුඹට වංශයක් සාදන්නෙමියි කියා ඔබගේ මෙහෙකරුවාට ඔබ එළිදරව් කළසේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පුකරන්ට ඔබගේ මෙහෙකරුවා, ධෛර්ය ගත්තේය.


බොන්න, නුඹේ ඔටුවන්ටත් ඇදදෙන්නෙමියි කියන්නාවූ කන්‍යාව ස්වාමීන්වහන්සේ විසින් මාගේ ස්වාමියාගේ පුත්‍රයාට නියමකළ ස්ත්‍රීම වේවයි කීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්