එවිට ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.
උත්පත්ති 21:6 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේ මා සිනාසෙන්ට සැලැස්වූසේක; ඒ අසන සියල්ලන් මා සමඟ සිනාසෙනවා ඇතැයි සාරා කීවාය. Sinhala New Revised Version සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත. Sinhala New Revised Version 2018 සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත. |
එවිට ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.
උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල: ස්වාමීන්වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියනලද්දේය.
ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි.
එවිට නුඹේ සිතින් නුඹ කල්පනාකොට: මොවුන් මට ඉපදෙවූවේ කවුද? මම දරුවන් නැතුව වඳව, රටෙන් පිට වහල්වී, ඔබ මොබ ගියෙමි; මොවුන් ඇතිකළේ කවුද? මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොතැනදැයි කියනවා ඇත.
දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹට පිරිමි දරුවෙක් උපන්නේය කියා මාගේ පියාට දන්වා ඔහු ප්‍රීතිමත්කළ මනුෂ්‍යයාට ශාපවේවා.
ඇගේ අසල්වාසියෝද නෑයෝද ස්වාමීන්වහන්සේ ඈ කෙරෙහි ස්වකීය කරුණාව විශාලකළ බවඅසා, ඈ සමඟ ප්‍රීතිවූවෝය.
ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.
ඈද: අනේ මාගේ ස්වාමිනි, ඔබ ජීවත් වන බව සැබෑවා සේම, මාගේ ස්වාමිනි, මෙහි ඔබ ළඟ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් සිටි ස්ත්‍රී මමය.