Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 1:26 - Sinhala Revised Old Version

26 ඈද: අනේ මාගේ ස්වාමිනි, ඔබ ජීවත් වන බව සැබෑවා සේම, මාගේ ස්වාමිනි, මෙහි ඔබ ළඟ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් සිටි ස්ත්‍රී මමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඈ ඒලී අමතා, “අනේ ස්වාමීනි, මට සමා වන්න. වරක් ඔබ ළඟ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් සිටි ස්ත්‍රිය මා බව මම දිවුරා කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඈ ඒලී අමතා, “අනේ ස්වාමීනි, මට සමා වන්න. වරක් ඔබ ළඟ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් සිටි ස්ත්‍රිය මා බව මම දිවුරා කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 1:26
11 හුවමාරු යොමු  

නුමුත් ළමයාගේ මවු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්හැර නොයමියි කීවාය. එවිට ඔහු පිටත්වී ඈ අනුව ගියේය.


එලියාද: ස්වාමීන්වහන්සේ මා යොර්දානට යවන නිසා මෙහි නවතින්නැයි ඔහුට කීවේය. ඔහු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. එවිට ඒ දෙදෙනාම ගියෝය.


එලියා ඔහුට කථාකොට: එලිෂා, මෙහි නවතින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා යෙරිකෝවට යවනසේකැයි කීවේය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු යෙරිකෝවට ආවෝය.


එලියා: ස්වාමීන්වහන්සේ මා බෙතෙල්ට යවන නිසා මෙහි නවතින්නැයි එලිෂාට කීවේය. එලිෂාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු බෙතෙල්ට බැස ගියෝය.


උරියා දාවිත්ට කථාකොට: ගිවිසුම් පෙට්ටියද ඉශ්‍රායෙල්වරුද යූදාවරුද පැල්වල සිටිති; මාගේ ස්වාමිවූ යෝවාබ්ද මාගේ ස්වාමිහුගේ සේවකයෝද එලිමහනේ කඳවුරු බැඳගෙන සිටිති; එසේ නම් මම කන්ටත් බොන්ටත් මාගේ භාර්යාව සමඟ සයනයකරන්ටත් මාගේ ගෙදරට යම්ද? ඔබ ජීවත්වන බවද ඔබගේ ආත්මය ජීවත්වන බවද සැබෑවාසේම මම එසේ නොකරමියි කීය.


දාවිත්ද තවත් දිවුරමින්: නුඹ මට කරුණාව ඇති බව නුඹේ පියා හොඳාකාරයෙන් දන්නේය; ඉන්නිසා: යොනාතාන් කනගාටු නොවෙන පිණිස ඔහු මේක දැනනොගනීවයි ඔහු කියයි. නුමුත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, නුඹේ ප්‍රාණයද ජීවත්වන සේම, සැබවින් මටත් මරණයටත් අතරේ ඇත්තේ එක අඩියක් පමණයයි කීවේය.


දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.


රජද: මේ සියල්ල සම්බන්ධව යෝවාබ්ගේ අත නුඹ සමඟදැයි ඇසුවේය. ස්ත්‍රී උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ ආත්මය ජීවත්වන බව සැබෑවාසේම මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී සියල්ලෙන් දකුණටවත් වමටවත් හැරෙන්ට කිසිවෙකුට නුපුළුවන. එසේය, ඔබගේ සේවකවූ යෝවාබ්ම මට අණකර ඔහුම මේ සියලු වචන ඔබගේ දාසීගේ කටට දුන්නේය.


මෙයින් නුඹලා පරීක්ෂාකරනු ලබන්නහුය. ඵාරාවෝගේ ජීවිතය පා නුඹලාගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්නම් නුඹලා මෙතැනින් නොයන්නහුයයි කියමි.


දැන් මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත් වන බව සැබෑවා සේම, ලේ වැගිරීමේ අපරාධයෙන්ද ඔබගේම අතින් පළිගැනීමෙන්ද ස්වාමීන්වහන්සේ ඔබ වැලැක්වූසේක්මය, එබැවින් ඔබගේ සතුරෝද මාගේ ස්වාමියාට අන්තරාකරන්ට සොයන්නෝද නාබල් මෙන් වෙත්වා.


යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්