විදේශියෙක් නුඹ සමඟ සිට ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන්ට කැමතිවීනම් ඔහුගේ සියලු පිරිමි චර්මඡේද්‍යයකරනු ලබත්වා, එවිට ඔහු ළංව ඒක පවත්වාවා; ඔහුද දේශයෙහි උපන් කෙනෙකු මෙන් වන්නේය. එහෙත් අචර්මඡේදිත කිසිවෙක් එයින් නොකන්නේය.
උත්පත්ති 21:4 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේ තමාට අණ දුන් ලෙස ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක්ට අට දවසක් වයස්වූ කල්හි ඔහු චර්මඡේද්‍යයකෙළේය. Sinhala New Revised Version ඊසාක් වන තම පුතුට දින අටක් වූ කල දෙවියන් වහන්සේ අණ කළ පරිදි ආබ්‍රහම් ඔහු චර්මඡේදනය කෙළේ ය. Sinhala New Revised Version 2018 ඊසාක් වන තම පුතුට දින අටක් වූ කල දෙවියන් වහන්සේ අණ කළ පරිදි ආබ්‍රහම් ඔහු චර්මඡේදනය කෙළේ ය. |
විදේශියෙක් නුඹ සමඟ සිට ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන්ට කැමතිවීනම් ඔහුගේ සියලු පිරිමි චර්මඡේද්‍යයකරනු ලබත්වා, එවිට ඔහු ළංව ඒක පවත්වාවා; ඔහුද දේශයෙහි උපන් කෙනෙකු මෙන් වන්නේය. එහෙත් අචර්මඡේදිත කිසිවෙක් එයින් නොකන්නේය.
තවද අටවෙනිදා දරුවා චර්මඡේදනයකරන පිණිස ඔව්හු ඇවිත්, ඔහුගේ පියාගේ නාමය ලෙස ඔහුට සෙකරියස්යයි නම් තබන්ට හැදුවෝය. නුමුත් ඔහුගේ මවු උත්තරදෙමින්:
ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය.
උන්වහන්සේ චර්මඡේදනයකිරීමට අට දවස සම්පූර්ණවූ කල, උන්වහන්සේ කුසෙහි පිළිසිඳෙන්ට පළමුවෙන් දේව දූතයා විසින් කියනලද යේසුස් යන නාමය උන්වහන්සේට තබනලද්දේය.
උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජේයෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය.
මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.