Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:48 - Sinhala Revised Old Version

48 විදේශියෙක් නුඹ සමඟ සිට ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන්ට කැමතිවීනම් ඔහුගේ සියලු පිරිමි චර්මඡේද්‍යයකරනු ලබත්වා, එවිට ඔහු ළංව ඒක පවත්වාවා; ඔහුද දේශයෙහි උපන් කෙනෙකු මෙන් වන්නේය. එහෙත් අචර්මඡේදිත කිසිවෙක් එයින් නොකන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 එහෙත්, නුඹ සමඟ වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ නමින් පාස්කුව සිදු කිරීමට කැමැත්තේ නම් ඔහු සතු සියලු පිරිමි චර්මඡේදනය ලැබිය යුත්තෝ ය. එවිට නුඹ සමඟ එකතු වී ඔහුට පාස්කුව පැවැත්විය හැකි ය. තවද, එවැන්නෙකු ස්වදේශිකයෙකු මෙන් සැලකිය යුතු ය. එහෙත්, අචර්මඡේදිත කෙනෙක් නම් පාස්කුව අනුභව නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 එහෙත්, නුඹ සමඟ වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ නමින් පාස්කුව සිදු කිරීමට කැමැත්තේ නම් ඔහු සතු සියලු පිරිමි චර්මඡේදනය ලැබිය යුත්තෝ ය. එවිට නුඹ සමඟ එකතු වී ඔහුට පාස්කුව පැවැත්විය හැකි ය. තවද, එවැන්නෙකු ස්වදේශිකයෙකු මෙන් සැලකිය යුතු ය. එහෙත්, අචර්මඡේදිත කෙනෙක් නම් පාස්කුව අනුභව නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:48
12 හුවමාරු යොමු  

විදේශියෙක් නුඹලා අතරෙහි පදිංචිව සිට ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්ට කැමතිනම් ඔහු පාස්කුවේ පනතද ඒකේ නියෝගයද ප්‍රකාර එය පැවැත්විය යුතුය. විදේශියෙක් වේවා ස්වදේශියෙක් වේවා නුඹලාට එකම පනතක් තිබිය යුතුයයි කීසේක.


එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.


නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.


නුඹලාටත් නුඹලා අතරේ වාසයකරන්නාවූ, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පසඇට දමා බෙදාගන්න; ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශීන් මෙන් නුඹලා සමඟ සිටිත්වා; නුඹලා සමඟ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි පසඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය.


සත් දවසක් නුඹලාගේ ගෙවල මුහුන් නොතිබිය යුතුය. මක්නිසාද විදේශියෙක් වේවා, දේශයෙහි උපන් කෙනෙක් වේවා, මුහුන් මුසු දේ කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් සභාවෙන් සිඳිනු ලබන්නේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සිටින විදේශීන්ගෙන් අචර්මඡේදිත සිතක්ද අචර්මඡේදිත මාංසද ඇති කිසි විදේශියෙක් මාගේ ශුද්ධස්ථානයට ඇතුල් නොවේවා.


නුඹලාගේ පරම්පරාවන්හි නුඹලා අතරෙහි ගෙයි උපන් තැනැත්තා හෝ නුඹේ වංශයෙහි නොවන්නාවූ විදේශියෙකුගෙන් මිලේට ගන්නාලද තැනැත්තා හෝ අට දවසක් වයස්වූ සියලු පිරිමි චර්මඡේද්‍යයකරනු ලබන්නෝය.


නුඹලා නුඹලාගේ චර්මාග්‍ර මාංසයෙහි ඡේද්‍යකරනු ලබන්නහුය; ඒක මා සහ නුඹලා අතරෙහි ඇති ගිවිසුමක ලකුණක් වන්නේය.


මක්නිසාද ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි පොරොත්තුව සිටි අන්‍යයන්ගෙන් හෝ මාගෙන් වෙන්වී තමාගේ දේවරූප තමාගේ සිතේ තබාගෙන, තමාගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමාගේ මුහුණ ඉදිරිපිට තබාගන්න එකිනෙකා, මා ගැන අනාගතවක්තෘගෙන් විභාගකරන්ට ඔහු ළඟට ආකල්හි ස්වාමීන්වහන්සේ වන මම මා ගැන ඔහුට උත්තරදෙන්නෙමි.


නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්