ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 20:9 - Sinhala Revised Old Version

එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: නුඹ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි නුඹ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් නුඹට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? නුඹ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 20:9
20 හුවමාරු යොමු  

එවිට ඵාරාවෝ ආබ්‍රම් කැඳවා: නුඹ මට මේ කළේ මොකද? ඈ නුඹේ භාර්යාව බව කුමක් නිසා මට නොකීවෙහිද?


තවද අබිමෙලෙක්: නුඹ මේ දෙය කළේ කුමක් දුටු නිසාදැයි ආබ්‍රහම්ට කීය.


අබිමෙලෙක් අලුයම් වේලෙහි නැගිට තමාගේ සියලු මෙහෙකරුවන් කැඳවා මේ සියල්ල ඔවුන් ඉදිරියෙහි කීවේය. ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් භයවුණෝය.


අබිමෙලෙක්: නුඹ අපට කළ මේ දේ කිමෙක්ද? සෙනඟගෙන් යමෙකුට පහසුවෙන් නුඹේ භාර්යාව සමඟ සයනයකළ හැකිව තිබුණේය, එවිට නුඹ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය.


තවද පහන්වූ කල ඒ ලෙයා බව ඔහු දැන ගත්තේය. එවිට ඔහු ලාබන්ට කථාකොට: නුඹ මට කළ මේ දෙය කුමක්ද? මා නුඹට මෙහෙකෙළේ රාඛෙල් උදෙසා නොවේද? කුමක්හෙයින් මට වංචා කෙළෙහිදැයි ලාබන්ට කීය.


යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.


තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.


මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය; නුඹ ඔහුගේ භාර්යාව බැවින් නුඹ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්දැයි ඈට කීවේය.


එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය.


එවිට ඈ: මාගේ සහෝදරය, එසේ නොවේවා, මට අවනම්බු නොකරන්න; ඉශ්‍රායෙල්හි එබඳු දෙයක් කරන්ට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න.


මෝසෙස්ද ආරොන්ට කථාකොට: මේ සෙනඟ කෙරෙහි මහත්වූ පාපයක් පමුණුවන්ට ඔවුන් නුඹට කළේ කුමක්දැයි ඇසුවේය.


ආරොන් සෑදූ වස්සා සෙනඟ විසින් සාදවාගත් බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදුන්සේක.


නපුරු මාර්ගයක යන ලෙස අවංක අය මුළාකරන තැනැත්තා තමාගේම වළේ වැටෙයි; එහෙත් සම්පූර්ණ අයට යහපත උරුමවේ.


අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය.


මක්නිසාද දෙවියන්වහන්සේ තරාතිරම් නොබලනසේක.


ඔවුන්ගේ කට පියවන්ට ඕනෑය; ඔව්හු නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති.


විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.


යෝෂුවා: නුඹ අප කැලඹෙවුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අද නුඹ කලඹවනසේකැයි කීවේය. එවිට සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගැසුවෝය; ඔව්හු ඔවුන්ට ගල්ගසා, ඔවුන් ගින්නෙන් පුලුස්සා දැමුවෝය.