Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 39:9 - Sinhala Revised Old Version

9 මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය; නුඹ ඔහුගේ භාර්යාව බැවින් නුඹ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්දැයි ඈට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 39:9
34 හුවමාරු යොමු  

එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක, නුඹ නොනස්නෙහිය.


තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: නුඹලා ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි.


දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, නුඹේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් නුඹ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට නුඹට ඉඩනෑරියෙමි.


දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව්කරන්ට ඔහුට නුපුළුවන.


නුමුත් නොදැන, පහර ලැබීමට සුදුසු දේ කළාවූ අය පහර ස්වල්පයක් ලබන්නේය. යමෙකුට බොහෝ දේ දෙනලද්දේද, ඔහුගෙන් බොහෝ දේ අයකරනු ලබන්නේය. යමෙකුට බොහෝ දේ භාරදෙනලද්දේද, ඔහුගෙන් වඩා ඉල්ලනු ලබන්නේය.


ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි. එබැවින් ඔබ කථාකරන කල සාධාරණසේක, විනිශ්චයකරන කල ඔබ ශුද්ධසේක.


ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය.


ඔවුන්ට සම්බවුණු සියල්ලෝම ඔවුන් ගොදුරට ගත්තෝය. ඔවුන්ගේ එදිරිකාරයෝ කථාකොට: ඔවුන් ස්වාමීන්වහන්සේ වන ධර්මිෂ්ඨකමේ වාස භූමියවූ තමුන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසා, අපි වැරදිකාරයෝ නොවෙමුයයි කීවෝය.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹ පොළොව මතුපිටින් පහකරන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ නිසා නුඹ මේ අවුරුද්දේ මැරෙන්නෙහියයි කීවේය.


මක්නිසාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය, උන්වහන්සේගේ මහන්තත්ත්වය ඉදිරියෙහිද මට කිසිවක් කළ නොහැකිවිය.


වැලපීමේ කාලය නිමවූ කල දාවිත් තමාගේ ගෙට ඈ ගෙන්වාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වී ඔහුට පුත්‍රයෙකු බිහිකළාය. නුමුත් දාවිත් කළ ක්‍රියාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණේය.


එහෙත්, නුඹලා එසේ නොකළොත්, බලව, නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න.


යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදක් කරමින් ප්‍රවේසමට භාරගත් දෙයක් ගැන හෝ ගනුදෙනුවක් ගැන හෝ සොරකමක් ගැන හෝ තම අසල්වාසියාට අවිශ්වාස ලෙස ක්‍රියාකළොත්, නොහොත් තම අසල්වාසියාට බලාත්කාරයක් කළොත්,


ස්ත්‍රියෙකු හා සමඟ කාමමිථ්‍යාචාරය කරන්නා නුවණ නැති කෙනෙක්ය. එය කරන්නා තමාගේම ප්‍රාණය නාස්තිකරන්නේය.


නුමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාධිපතීහු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ෂෙකෙල් හතළිහකුත් ගත්තෝය; එසේය, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟ කෙරෙහි ආණ්ඩුකළෝය. එහෙත් මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි නිසා එසේ නොකෙළෙමි.


පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.


විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.


විරුද්ධවාදිව නොසිට, සොරකම් නොකොට, සියලු ආකාර හොඳ විශ්වාසකම පෙන්වන හැටියටද ඔවුන්ට අවවාදකරන්න.


තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය.


මමද: මා වැනි කෙනෙකුට පලායන්ට හරිද? මා වැනි කවරෙක් ජීවිතය ගළවාගන්න පිණිස දේවමාලිගාවට ඇතුල්වේද? මම ඇතුල්නොවන්නෙමියි කීවෙමි.


අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය.


නුඹ මාගේ ගෘහයට ප්‍රධානියා විය යුතුය. මාගේ මුළු සෙනඟ නුඹේ වචනයට යටත් වන්නේය. සිංහාසනයෙහිදී පමණක් මම නුඹට වඩා උසස්වෙමියි කීවේය.


නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.


ආබ්‍රහම්ද තමා සන්තක සියල්ලට මූලිකකම් කළාවූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට කථාකොට:


නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, නුඹ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා නුඹ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක.


සොදොමේ මනුෂ්‍යයෝ වනාහි දුෂ්ටව ස්වාමීන්වහන්සේට විරුද්ධව අතිශයින් පව්කාරව සිටියෝය.


එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: නුඹ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි නුඹ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් නුඹට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? නුඹ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය.


ඈ දවසින් දවස යෝසෙප්ට කථාකළ නුමුත් ඔහු ඈ සමඟ සයනයකරන්ටවත් ඈ ළඟ සිටින්ටවත් ඈට ඇහුම්කන් නුදුන්නේය.


කාමමිථ්‍යාචාරය නොකරව.


එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්