ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.
උත්පත්ති 2:21 - Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක. Sinhala New Revised Version එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. Sinhala New Revised Version 2018 එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. |
ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.
ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.
ඔහු මා සමඟ කථාකරද්දී මම මුර්ඡාවී මුහුණින් බිම වැටී උන්නෙමි. ඔහු මට තට්ටුකර මා කෙළින් සිටෙව්වේය.
මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් ගෙන අහක්ව ගියේය; ඒක කවුරුවත් දුටුවේ නැත, දැනගත්තෙත් නැත, කිසිවෙක් පිබිදුණෙත් නැත. සියල්ලෝම නිදාඋන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් බර නින්දක් ඔවුන්ට පැමිණ තිබුණේය.