ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 13:1 - Sinhala Revised Old Version

ආබ්‍රම් තම භාර්යාව සහ තමා සන්තක සියල්ල රැගෙන ලොත්ද කැටුව මිසරයෙන් නික්ම දකුණු දෙසට ගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආබ්‍රම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත් ද ඔහු සමඟ ගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආබ්‍රම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත් ද ඔහු සමඟ ගියේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 13:1
8 හුවමාරු යොමු  

ආබ්‍රහම් එතැනින් දකුණු දේශයට ගමන්කර කාදෙෂ්ද ෂූර්ද අතරේ වාසය කෙළේය; ඔහු ගෙරාර්හිද පොරොත්තුවුණේය.


ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි ඒෂෙල් ගසක් සිටුවා එතැන්හි සදාකාල දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.


එතනින් පවුරු ඇති තීර්ටත් හිවීවරුන්ගේද කානානිවරුන්ගේද සියලු නුවරවලටත් පැමිණියාහ. යූදාහි දකුණු දිශාවේ බෙයෙර්-ෂෙබා දක්වාද ගියෝය.


එසේ කානාන් දේශය සෝදිසිකරන පිණිස මෝසෙස් ඔවුන් යවමින්: නුඹලා මේ දකුණු දිශාවෙන් ගොස් කඳුකරයට නැගී


මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.


ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝය. යූදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටීවා, යෝසෙප්ගේ වංශය උතුරු දිග තිබෙන තමුන්ගේ සීමාව තුළ සිටීවා.


අද නුඹලා කොයි පළාතට විරුද්ධව ගියහුදැයි ආකීෂ් ඇසුවේය. දාවිත්ද: යූදාහි දකුණු දිශාවටද යෙරාමෙයෙල්වරුන්ගේ දකුණු දිශාවටද කේනිවරුන්ගේ දකුණු දිශාවටද විරුද්ධව ගියෙමුයයි කීවේය.