Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 27:10 - Sinhala Revised Old Version

10 අද නුඹලා කොයි පළාතට විරුද්ධව ගියහුදැයි ආකීෂ් ඇසුවේය. දාවිත්ද: යූදාහි දකුණු දිශාවටද යෙරාමෙයෙල්වරුන්ගේ දකුණු දිශාවටද කේනිවරුන්ගේ දකුණු දිශාවටද විරුද්ධව ගියෙමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “අද ඔබ කොයි පළාතට විරුද්ධ ව කොල්ලකෑම සඳහා ගියහු දැ”යි ආකීෂ් රජ ඇසුවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ජුදාහි දකුණු දිශාවට ද ජෙරාමෙයෙල්වරුන්ගේ දේශයේ දකුණු දිශාවට ද කේනිවරුන්ගේ දේශයේ දකුණු දිශාවට ද විරුද්ධ ව ගියෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “අද ඔබ කොයි පළාතට විරුද්ධ ව කොල්ලකෑම සඳහා ගියහු දැ”යි ආකීෂ් රජ ඇසුවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ජුදාහි දකුණු දිශාවට ද ජෙරාමෙයෙල්වරුන්ගේ දේශයේ දකුණු දිශාවට ද කේනිවරුන්ගේ දේශයේ දකුණු දිශාවට ද විරුද්ධ ව ගියෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 27:10
21 හුවමාරු යොමු  

තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යූදා පුත්‍රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය.


හෙශ්රොන්ගේ කුලුඳුලාවූ යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියාය.


හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්‍රයෝ නම්: යෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයිය.


රාකාල්හිද යෙරමෙයෙල්වරුන්ගේ නුවරවලද කේනිවරුන්ගේ නුවරවලද;


එකල කේනීයවූ හෙබෙර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේනිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගන සිටියේය.


එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.


මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.


බොරුවට වෛරකොට පිළිකුල් කරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.


වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළමැනව. ඔබගේ ව්‍යවස්ථාව කරුණාවෙන් මට දුන මැනව.


අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රී ළඟට ඒ ගෙදරට ඇවිත්: අහිමයාශ්ද යොනාතාන්ද කොතැනදැයි ඇසුවෝය. ඒ ස්ත්‍රී: ඔව්හු වතුර ඇළෙන් එගොඩවූවෝයයි කීවාය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බනූණ බැවින් යෙරුසලමට හැරී ගියෝය.


එහෙත් සාවුල් ළඟට පණිවිඩකාරයෙක් ඇවිත්: කොල්ලකෑමට පිලිස්තිවරුන් රටට ඇවිත් සිටින නිසා ඉක්මනින් අවමැනවැයි කීවේය.


දාවිත්ද: රජ්ජුරුවෝ වැඩක් මට නියමකොට–මා විසින් නුඹ යවන්නාවූ නුඹට අණ කළාවූ කාරණය ගැන කිසිවෙක් මොකටවත් දැනනොගනීවයි මට කීවාහ. අසවල් ස්ථානයට යන්ට කියා මා විසින් සේවකයන්ට දන්වා තිබේ.


තවද සාවුල් කේනිවරුන්ට කථාකොට: මා විසින් අමලෙක්වරුන් සමඟ නුඹලා විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙන් අහක්ව යන්න. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් එද්දී නුඹලා ඔවුන් සියල්ලන්ට කරුණාකළහුයයි කීවේය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක්ව ගියෝය.


කේනිය හෙබෙර්ගේ භාර්යාව වන යායෙල් තොමෝ වෙන ස්ත්‍රීන්ට වඩා ආශීර්වාද ලත්තියක් වන්නීය. කූඩාරම්හි ස්ත්‍රීන්ට වඩා ඈ ආශීර්වාද ලත්තියක් වන්නීය.


ඔහු කේනිවරුන් දෙස බලා උපමා කථා පවසමින් කියනුයේ: නුඹේ වාසස්ථානය ස්ථිරය, නුඹේ කැදැල්ල පර්වතයෙහි පිහිටා තිබේ.


නුඹ මාගේ පුත්‍රවූ ඒසව්මදැයි ඔහු ඇසීය. එසේයයි ඔහු කීවේය.


ගාත්ට ගෙනඑන පිණිස දාවිත් පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් ඉතුරුකළේ නැත; මක්නිසාද: දාවිත් මේ මේ ආකාර කළේය කියා ඔවුන් අපට විරුද්ධව කාරණා දන්වන්ට පුළුවනැයි ඔහු සිතුවේය. ඔහු පිලිස්තිවරුන්ගේ රටේ සිටි කාලය මුළුල්ලෙහි ඔහුගේ හැසිරීම එයාකාරව තිබුණේය.


දාවිත්ද: මම කුමක් කෙළම්ද? මා ඇවිත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධව සටන්කරන්ට බැරි හැටියට මා ඔබ ඉදිරියට පැමුණුණදා පටන් අද දවස දක්වා ඔබගේ මෙහෙකරුවා අත සම්බවුණ වරද මොකදැයි ආකීෂ්ගෙන් ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්