Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 24:7 - Sinhala Revised Old Version

7 එතනින් පවුරු ඇති තීර්ටත් හිවීවරුන්ගේද කානානිවරුන්ගේද සියලු නුවරවලටත් පැමිණියාහ. යූදාහි දකුණු දිශාවේ බෙයෙර්-ෂෙබා දක්වාද ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එතැනින් පවුරු ඇති තීර්ටත්, හිවීවරුන්ගේ ද කානානිවරුන්ගේ ද සියලු නගරවලටත් පැමිණ, ජුදාහි දකුණු දිශාවේ බෙයර්-ෂෙබා දක්වා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එතැනින් පවුරු ඇති තීර්ටත්, හිවීවරුන්ගේ ද කානානිවරුන්ගේ ද සියලු නගරවලටත් පැමිණ, ජුදාහි දකුණු දිශාවේ බෙයර්-ෂෙබා දක්වා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 24:7
10 හුවමාරු යොමු  

එතනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නුවරවූ තීර්ට පැමිණ, හෝසාට හැරී අක්සීබ් පළාතේ පටන් ගොස් මුහුද ළඟ කෙළවර වුණේය.


නැගෙනහිරෙන් සහ බස්නාහිර දිගෙනුත් සිටිය කානානිවරුන්ටද අමෝරිවරුන්ටද හිත්තීවරුන්ටද පෙරිස්සිවරුන්ටද කඳු රටේ සිටි යෙබූසිවරුන්ටද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් සිටිය හෙවීවරුන්ටද කියා යැවීය.


රජතෙමේ තමා සමඟ සිටි සේනාපතියාවූ යෝවාබ්ට කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස නුඹලා දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන්කරන්නැයි කීවේය.


පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත් සියලු කානානිවරුත් ශීදොන්වරුත් බාල්හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසයකළ හිවීවරුත්ය.


මෙලෙස ඔව්හු මුළු දේශයෙහි ඇවිද නව මස් විසි දවස කට පසු යෙරුසලමට ආවෝය.


තීර් වනාහි බලකොටුවක් ගොඩනගාගන, දූවිලි මෙන් රිදීද වීථිවල මඩ මෙන් රන්ද රැස්කරගත්තාය.


යොර්දානෙන් මෙගොඩ කඳු රටෙහිත් පාත රටෙහිත් ලෙබනොන් ඉදිරිපිට තිබෙන මහ මුහුද අසබඩ මුළුල්ලෙහිත් සිටිය හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද සියලු රජවරුන් ඒ ඇසූ කල,


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද: නුඹලා අප අතරේ වසනවා වෙන්ට පුළුවන; කෙසේ අපි නුඹලා සමඟ ගිවිසුමක් කරමුදැයි හිවීවරුන්ට කීවෝය.


එබ්‍රොන්ද රෙහොබ්ද හම්මොන්ද කානාද මහ ශිදොන්ද දක්වා ගියේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්