මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.
උත්පත්ති 10:4 - Sinhala Revised Old Version යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම්වරු සහ දොදානිම්වරුය. Sinhala New Revised Version ජාවාන්ගේ පුත්‍රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ දෙදානිම් වැසියෝ ය. Sinhala New Revised Version 2018 ජාවාන්ගේ පුත්‍රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ දෙදානිම් වැසියෝ ය. |
මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.
තීර් ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද ගෙයක්වත් ඇතුල්වෙන තැනක්වත් නැති තරමට ඒක නාස්තිවිය. කිත්තිවරුන්ගේ දේශයෙන් ඒක ඔවුන්ට ආරංචිවිය.
බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.
සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂීෂ් නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය; ඔව්හු රිදීවලින්ද යකඩවලින්ද බෙලෙක්වලින්ද ඊයම්වලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.
නුඹේ වෙළඳාම් බඩු ගෙනගියේ තර්ෂිෂ්හි නැව්වලින්ය. නුඹ පිරී, මුහුද මැද ඉතා කීර්තිමත්ව සිටියෙහිය.
බාෂාන්හි අලෝන ලීවලින් නුඹේ හබල් සෑදුවෝය; නුඹේ ආසන කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත්දත් ගිල්ලෙවුවෝය.
නුඹට කොඩියක් කොට නුඹ විහිදෙවුවේ මිසරයේ විසිතුරු සිහින් රෙදිය; නුඹේ වියන එලීෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදිය.
මක්නිසාද කිත්තීම් නැව් ඔහුට විරුද්ධව එන්නේය; ඔහුද කලකිරී, හැරී ගොස්, ශුද්ධ ගිවිසුමට විරුද්ධව කෝපවී, තමාගේ කැමැත්ත ඉෂ්ටකොට, ශුද්ධ ගිවිසුම අත්හරින්නන් නැවත සලකනවා ඇත.
එහෙත් කිත්තීම් දිසාවෙන් නැව් එන්නේය, ඔව්හු අෂූර් යටහත්කරන්නෝය, ඒබෙර්ද යටහත්කරන්නෝය, ඔහුද විනාශයට පැමිණෙන්නේයයි කීවේය.