Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:30 - Sinhala Revised Old Version

30 මක්නිසාද කිත්තීම් නැව් ඔහුට විරුද්ධව එන්නේය; ඔහුද කලකිරී, හැරී ගොස්, ශුද්ධ ගිවිසුමට විරුද්ධව කෝපවී, තමාගේ කැමැත්ත ඉෂ්ටකොට, ශුද්ධ ගිවිසුම අත්හරින්නන් නැවත සලකනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මන්ද, ඔහුට විරුද්ධ ව රෝමවරු නැව්වලින් එන්නෝ ය. ඔහු බිය වී පසුබසින්නේ ය. ඔහු කලකිරී, කෝප වී, ශුද්ධ ගිවිසුමට විරුද්ධ ව තමා කැමැති දේ කර ශුද්ධ ගිවිසුම අත් හළ අයට සැලකිලි දක්වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:30
13 හුවමාරු යොමු  

යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම්වරු සහ දොදානිම්වරුය.


එහෙත් කිත්තීම් දිසාවෙන් නැව් එන්නේය, ඔව්හු අෂූර් යටහත්කරන්නෝය, ඒබෙර්ද යටහත්කරන්නෝය, ඔහුද විනාශයට පැමිණෙන්නේයයි කීවේය.


එකල ඔහු බොහෝ සම්පත් ඇතුව තමාගේ දේශයට හැරීයනවා ඇත; ඔහු තමාගේ සිත ශුද්ධ ගිවිසුමට විරුද්ධව තබා, තමාගේ කැමැත්ත ඉෂ්ටකොට, තමාගේ දේශයට හැරීයන්නේය.


මක්නිසාද නුඹලා කිත්තිවරුන්ගේ ද්වීපවලට ගොස් බලා, කේදාර්ටත් අසා යවා, හොඳට කල්පනාකර, මෙයාකාර දෙයක් වුණාද කියා බලන්න.


බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.


තීර් ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද ගෙයක්වත් ඇතුල්වෙන තැනක්වත් නැති තරමට ඒක නාස්තිවිය. කිත්තිවරුන්ගේ දේශයෙන් ඒක ඔවුන්ට ආරංචිවිය.


එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.


එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය.


ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩාකරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාරදෙනු ලබන්නෝය.


බාෂාන්හි අලෝන ලීවලින් නුඹේ හබල් සෑදුවෝය; නුඹේ ආසන කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත්දත් ගිල්ලෙවුවෝය.


පසුව මම විභාගකර, දෙවියන්වහන්සේ ඔහු එවුවා නොව, ටෝබියාද සන්බලාට්ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහු මා ගැන ඒ අනාගතවචනය කී බව දැනගතිමි.


යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිවරු සහ රොදානිවරුය.


නියම කාලයේදී ඔහු නැවත දකුණු දිශාවට එන්නේය; නුමුත් අන්තිම ගමන පළමුවෙනි ගමන මෙන් නොවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්