ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක; ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක.
ආමොස් 9:15 - Sinhala Revised Old Version මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි, මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නැතැයි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version මා ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි. කිසි කලෙක නැවත ඔව්හු එයින් උදුරනු නොලබන්නෝ ය.” නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක. Sinhala New Revised Version 2018 මා ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි. කිසි කලෙක නැවත ඔව්හු එයින් උදුරනු නොලබන්නෝ ය.” නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක. |
ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක; ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක.
නුඹේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් උතුරු දේශයෙන්ද උන්වහන්සේ ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා කියන දවස් පැමිණෙන්නේය. මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි
ඉශ්‍රායෙල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මා ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානය කියා කියන දවස් පැමිණෙන්නේය; ඔවුන් තමුන්ගේම දේශයෙහි වාසයකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.
ඒ දවස්වලදී යූදා වංශය ඉශ්‍රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.
මක්නිසාද ගෙවල්ද කෙත්ද මිදිවතුද නැවත මේ දේශයෙහි මිලේටගන්නවා ඇත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.
බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි.
එසේය, ඔවුන්ට යහපත කිරීම පිණිස මම ඔවුන් කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි, සැබවින් මාගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මේ දේශයෙහි ඔවුන් පිහිටුවන්නෙමි.
යූදාවරුන්ගේ වාල්කමත් ඉශ්‍රායෙල්වරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදී මෙන් ඔවුන් ගොඩනගන්නෙමි.
ජාතීන්ට තවත් ඔව්හු කොල්ලයක් නොවන්නෝය, පොළොවේ මෘගයෝ උන් නොකන්නෝය; කිසිවෙක් ඔවුන් භයගන්වන්නේ නැතුව, ඔව්හු සුවසේ වාසයකරන්නෝය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ඉශ්‍රායෙල් පුත්‍රයන් ගොස් සිටින තැන්වල ජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන, වටකරින් ඔවුන් රැස්කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවා,
මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවූ, නුඹලාගේ පියවරුන් වාසයකළාවූ දේශයෙහි ඔවුන් වාසයකරනවා ඇත; එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලේටම එහි වාසයකරන්නෝය. මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය.
තවද ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළේය.