Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 16:15 - Sinhala Revised Old Version

15 ඉශ්‍රායෙල් පුත්‍රයන් උතුරු දේශයෙන්ද උන්වහන්සේ ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා කියන දවස් පැමිණෙන්නේය. මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඒ වෙනුවට, ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් විසුරුවා හැරි දේශවලින් ද ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා දිවුරන කාලය පැමිණෙන්නේ ය. මා ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඒ වෙනුවට, ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් විසුරුවා හැරි දේශවලින් ද ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා දිවුරන කාලය පැමිණෙන්නේ ය. මා ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 16:15
26 හුවමාරු යොමු  

බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි.


යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.


ඒ දවස්වලදී යූදා වංශය ඉශ්‍රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.


මම මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගේ වහල්කම පහකරන්නෙමි, ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩනගා එහි වාසය කරනවා ඇත; මිදිවතු වවා ඒවායේ මුද්‍රිකපානය බොනවා ඇත; වතුද වවා ඒවායේ ඵල කනවා ඇත.


ඔවුන් ජාතීන් අතරට ගෙනගියාවූ මා විසින් ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත් නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස්කරන විට, මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


එසේය, මම ජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස්කර, නුඹලාගේම රටට ගෙනෙන්නෙමි.


අපගේ දෙවිවූ ස්වාමිනි, ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබට ප්‍රශංසාකිරීමෙන් ජය නාද පවත්වන පිණිසත්, අප ගළවා ජාතීන් අතරෙන් රැස්කොටගත මැනව.


බලව, මම උතුරු දේශයෙන් ඔවුන් ගෙනෙන්නෙමි, ඔවුන් පොළොවේ ඉතා දුරු තැන්වලින් අන්ධයන්ද කොරුන්ද ගර්භීණීන්ද බිහිකරන වේදනා ඇත්තියන්ද ඇතුළුව රැස්කරගන්නෙමි. ඔවුන් මහත් සමූහයක්ව මෙහි හැරීඑනවා ඇත.


ඒ නිසා: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, නුඹ භය නොවන්න; ඉශ්‍රායෙල්, නොකැලඹෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද, බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය ඔවුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවමි; යාකොබ් හැරී ඇවිත් කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටිනවා ඇත.


මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.


ඉශ්‍රායෙල් නැවත ඔහුගේ තෘණ බිමට ගෙනෙන්නෙමි, එවිට ඔහු කර්මෙල්හිද බාෂාන්හිද පෝෂ්‍යවෙනවා ඇත, එප්‍රායිම් හෙල් පිටද ගිලියද්හිද ඔහුගේ ප්‍රාණය තෘප්තියට පැමිණෙන්නේය.


ඉශ්‍රායෙල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මා ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානය කියා කියන දවස් පැමිණෙන්නේය; ඔවුන් තමුන්ගේම දේශයෙහි වාසයකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින්: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානයයි තවත් නොකියා,


මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එසේය, මා විසින් යූදාගේද යෙරුසලමේද වහල්කම පහකරන ඒ දවස්වලදීත් ඒ කාලයෙහිදීත්,


බලව, මම නුඹ සමඟ සිටිමි, නුඹ යන සියලු තැන්හිදී නුඹ ආරක්ෂාකර නැවත මේ දේශයට නුඹ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් නුඹට කී දෙය සිදුකරන තුරු නුඹ අත් නොහරින්නෙමියි කීසේක.


තවද මා විසින් ඔවුන් උදුරාදැමූ පසු මම හැරී ඔවුන්ට අනුකම්පාකොට, ඔවුන් එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ දේශයටත් නැවත පමුණුවන්නෙමි.


නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය.


මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි, මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නැතැයි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්