ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ආමොස් 2:10 - Sinhala Revised Old Version

අමෝරිවරුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹලා මිසර දේශයෙන්ගෙන්වා, සතළිස් අවුරුද්දක් නුඹලා කාන්තාරයෙහි ගෙනගියෙත් මමය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය.

පරිච්ඡේදය බලන්න



ආමොස් 2:10
26 හුවමාරු යොමු  

එසේය, ඔබ හතළිස් අවුරුද්දක් කාන්තාරයේදී ඔවුන් පෝෂණයකළසේක, ඔවුන්ට කිසි හිඟකමක් නොවීය; ඔවුන්ගේ ඇඳුම් පරණවුණේවත් ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැත.


මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි.


ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.


මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.


එබැවින් මම ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනැවිත් කාන්තාරයට පැමිණෙවුවෙමි.


ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලාට විරුද්ධව, එනම් මිසර දේශයෙන් මා විසින් ගෙනාවාවූ මුළු වංශයට විරුද්ධව, ස්වාමීන්වහන්සේ කීවාවූ මේ වචනය අසන්න:


ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා මා ඉදිරියෙහි කූෂ්වරුන්ගේ පුත්‍රයින්ට සමාන නොවෙත්දැයි ස්වාමීන්වහන්සේගේ කියනසේක. මා විසින් ඉශ්‍රායෙල්වරුන් මිසර දේශයෙන්ද පිලිස්තිවරුන් කප්තොර් සිටද අරාම්වරුන් කීර් කෙරෙන්ද ගෙනාවා නොවේද?


මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.


ඔව්හු තමුන් සෝදිසිකළ දේශය ගැන ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නරක ප්‍රවෘත්තියක් පතළකරමින්: අප සෝදිසි කරන්ට ගිය දේශයනම් වැසියන් නාස්තිකරදමන දේශයක්ය; එහි අප විසින් දක්නාලද සෙනඟ සියල්ලෝම බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෝය.


ඉශ්‍රායෙල්වරු ඒ සියලු නුවරවල් අල්ලාගෙන අමෝරිවරුන්ගේ සියලු නුවරවල් වන හෙෂ්බොන්හිද ඊට අයිති සියලු නියම්ගම්වලද වාසයකළෝය.


ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශවන තෙක් උන්වහන්සේ ඔවුන්ට සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ඔබමොබ යන්ට සැලැස්වූසේක.


උන්වහන්සේ සතළිස් අවුරුද්දක් පමණ කාලයක් වනයෙහිදී ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක.


එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද: එම්බා ඉශ්‍රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?


තවද කොල්ලයක් වන්නෝයයි නුඹලා විසින් කීවාවූ නුඹලාගේ බාලයෝද අද යහපතවත් අයහපතවත් නොදැන සිටින නුඹලාගේ දරුවෝද එහි ඇතුල්වන්නෝය, ඔවුන්ට මම ඒක දෙන්නෙමි, ඔව්හු ඒක හිමිකර ගන්නෝය.


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වැඩ සියල්ලෙහිදී නුඹට ආශීර්වාදකළසේක. නුඹ මේ මහත් කාන්තාරය මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේක. මේ සතළිස් අවුරුද්දක්ම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වූසේක. නුඹට කිසි හිඟයක් නොවීයයි කියන්නැයි කීසේක.


දකුණු දිශාවේද ශීදොන්වරුන්ට අයිතිවූ මෙයාරාහිද පටන් අපෙක්ට පැමිණෙන තුරු අමෝරිවරුන්ගේ සීමාව දක්වා කානානිවරුන්ගේ මුළු දේශයත්,


තවද යොර්දානෙන් එතර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට නුඹලා ගෙනායෙමි; ඔව්හු නුඹලාට විරුද්ධව යුද්ධකළෝය. මම ඔවුන් නුඹලා අතට පාවාදුනිමි, නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගත්තහුය; මම නුඹලා ඉදිරියෙන් ඔවුන් විනාශකෙළෙමි.